නෙක වර්ණ රටා මැවිය හැකි සොඳුරු කලාවක් ලෙස රිබන් එම්බ්‍රොයිඩරි කලාව හඳුන්වන්න පුළුවන්. එම කලාවෙන් විවිධ නිර්මාණ බිහි කරන්නට ඔබ නිරතුරු සූදානම් බවත් අප දන්නා දෙයක්.
අලුත් අවුරුද්දේ වැඩිම සතුටක් විඳින්නේ පුංචි දුවා දරුවන්. ඒ නිසාම අවුරුද්දේ දූවා දරුවන්ගේ ඇඳුම් කල් තියාම මසා නිම කරන්න අම්මලට තියෙන්නේ ලොකු උනන්දුවක්.
පොට්පෝරි තාක්ෂණය අලුත් දෙයක් ලෙස පෙනුනද, සත්යය නම් එය නිවසේ කාමර සුවඳ විලවුන් කිරීම සඳහා පුරාණ කාලයේ සිට භාවිතා කර ඇති බවයි.
අලුත් අලුත් ඇඳුම් අඳින්න අපි හැමෝම දක්වන්නේ පුදුම කැමැත්තක්. A වුණත් මේ පවතින ආර්ථික රටාව A කැමැත්තට හරස් කපනවා වෙන්න පුළුවන්.
හැමදාම ඔබට ළැබැඳි තරුණී නිරතුරුවම අලුත් වන විලාසිතා ඔබට ගෙන Aමට සූදානම්. ඔබේ දෑතින්ම මසාගත් මේ විලාසිතාව ගමනට බිමනට කදිමට ගැළපෙන විලාසිතාවක් බවත් කිව යුතුමයි. නවතම විලාසිතාවන්ට ඇල්මක් දක්වන ඔබටම මෙය නිර්මාණය කර ගැනීම හරහා අලංකාරය මෙන්ම ඔබ පිළිබඳ අභිමානයද ගොඩනඟා ගන්න පුළුවන්.
මේ අලංකාර ඇඳුම හරියටම මසන්නේ කොහොමදැයි අපි දැන් බලමු.
කඳ කොටස, උරහිස, පපුව වට, ඉණ වට, කර පළල, කර ගැඹුර, අත දිග, අත වට, කලිසම, ඉණවට, කලිසම සඳහා උස, කකුල වට ප්‍රමාණය, කර වට උස
කඳ කොටස උරහිස දෙකට බෙදන්න. පපුවට හතර බෙදා අඟල් 1ක් එකතු කරන්න.
ඉණවට
අතවට දෙකට බෙදා අඟල් 1ක් එකතු කරන්න.
මෙම ඇඳුම සඳහා රෙදි යාර 2 1/2 පමණ ප්‍රමාණවත් වේ. (ශරීර ප්‍රමාණය අනුව වෙනස් වේ)
ටොප් එක බල වාටිය මත තබා ගන්න. ඉන් පසු 1 පිටුපසට කොට රේඛාවක් ඇදගන්න. (බොත්තම් වාසි) A ඇඳගත් රේඛාවේ සිට මේ ලකුණු කරන්න.
A -B රේඛාව මත උරහිස 2න් බෙදා එම අගය ලකුණු B සිට පහළට 1/2 ලකුණු කර AC රේඛාව ඇඳ ගන්න. (උරහිස රේඛාව)
ඉන්පසු A සිට පහළට උරහිස පහළට ලකුණු කර DE රේඛාව ඇඳගන්න. එහි පපුව වට /4+1 එක අගය ලකුණු කරන්න.
ඉන්පසු C හා E රේඛා යා කර එහි හරි මැද ලෙස ලකුණු කර 1/2 පිටුපසට ලකුණු කර අත කට ඇඳගන්න.
D සිට පහළටත් උරහිස /2 අගයම ලකුණු කර F - G රේඛාව ඇඳ එහි ඉණවට / 4+1 එක අගය ලකුණු E- G රේඛාව යා කර අංශය ඇඳගන්න.
A - I කර පළල ලකුණු කර A -බ් ඉදිරිපස කර ගැඹුර ලකුණු කර ඉදිරිපස කර ඇඳගන්න. පිටුපස කර A - ම් ලකුණු කර පිටුපස කර ඇදගන්න.
රෙද්ද දෙකට නවාගන්න. නැම්ම දිගේ මිමි ලකුණු කරන්න. A සිට පහළට සම්පූර්ණ අත උස ලකුණු කර A-B 4" ලකුණු කර BC රේඛාව ඇඳගන්න. (4“ සම්මත අගයකි)
B - C රේඛාව මත උරහිස / 2 අගය ලකුණු කරගන්න.
අත දිග ලකුණු කළ තැන සිට හරහට ඉරක් ඇඳගන්න. D රේඛාව එහි අතවට / 2+1 අගය ලකුණු කරන්න.
ඉන්පසු යට වාටිය සඳහා 1 පමණ තබා C -D හා A C යා කර ගන්න.
A - C හරි සමාන කොටස් හතරකට බෙදා අඟල් 1/2ද පහළින් 1/2 ඇතුලට ද ලකුණු කර අත් හැඩය ඇඳගන්න.
ඉණවට / 4+1 එන අගය රෙද්ද නැම්මට නවා ගත් ස්ථානයේ සිට හරහට ලකුණු කරන්න. A ලෙස නම් කරන්න.
A සිට පහළට 2“ ලකුණු කර Waist Band ඇඳ ගන්න.
*එතැන් සිට පහළට කරුවට උස ලකුණු කර (B) කරුව ඇඳගන්න. BC රේඛාව ඇද එහි ඉදිරියට 2 1/2 ලකුණු කර E ද E සිට 3“ ලකුණු කර F ද ඇඳ ගන්න.
කලිසම උස ලකුණු කර කකුලවට දෙකට බෙදා අඟල් එකක් එකතු කර එන අගය G රේඛාව මත ලකුණු කරන්න.
E හා F H වෙත යා කරන්න. E H රේඛාවේ දිග මැන F H රේඛාව ලකුණු කර පිටුපස පළුවද ඇඳගන්න. ඉන්පසු Qash Band එක වෙන්කර ගන්න. ඉදිරිපස පළුවක් හා පිටුපස පාළුවක් සකසා නැම්මට තැබු රෙද්දක් මත තබා
මසා ගන්න
ටොප් එක උරහිස් මූGටු කර අත මසා ගන්න. බොත්තම් දැමී්ම සඳහා Open එක මසාගන්න. අංශය මසා නිම කර ඉදිරිපස යටකොටසට කැමැති ප්‍රමාණයක පටියක් අල්ලා ගන්න.
කලිසම කොටස Waist Band එක මසා කරුව කොටස ඉදිරිපස හා පිටුපස මසා ගන්න. ඉන්පසු යට වාටිය මසාගන්න.
උපදෙස් -
මැහුම් උපදේශිකා සිතාරා නවරත්න
Tharunie
සිංහල අලුත් අවුරුදු කාලේ කියන්නෙම අපේ කාන්තාව අතිශයින් කාර්යබහුල වෙන කාලයක්. අලුත් ඇඳුම් ගන්න එහෙමත් නැත්නම් මහන්න, කැවිලි පෙවිලි හදන්න, ඒ විතරක් ද නිවෙස අලුත්වැඩියා කරලා ලස්සනට පිරිසුදුවට තියාගන්නත් එපැයි.
ලස්සන ලස්සන ගවුම් විලාසිතා අඳින්නයි දැන් කාලයේ ළඳුන් කැමැත්තක් දක්වන්නේ. ඒ නිසාම මේ දිනවල සාප්පුවල මෙන්ම මඟ දෙපස ද විවිධ විලාසිතාවන්ට මැසූ ගවුම් සුලබ දසුනකි.
බුදුන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සිදු වූ වෙසක් මාසය උදාවුණා. ඉතිං බෞද්ධයන් වූ ඔබට ගිය මාසය වගේම මේ මාසයත් හරිම සුවිශේෂියි.
ලස්සන වෙසක් සැරසිලිවලින් නිවෙස අලංකාර කරන්න ඔබ මේ වනවිටත් ලකලෑස්ති වෙනවා ඇති. ඒ වගේම තමයි ඔබේ ළඟම සිටින ඥාති, මිත්‍රාදීන් වෙනුවෙන් වෙසක් කාඩ්පත් තිළිණ කරන්නටත් ඔබ සූදානමින් ඇති. ඉතිං ඒ සඳහා වෙළෙඳපොළේ ඇති කාඩ්පත් මිලට ගෙන තිළිණ කරනවාට වඩා ඔබේ අතින් නිර්මාණය කළ කාඩ්පතක් තිළිණ කරන්නට ඇත්නම් ඒක වටිනවා නේද? බලන්න, අප මේ ලබාදෙන වෙසක් කාඩ්පත් ඔබේ අතිනුත් නිර්මාණය කළ හැකිද කියා.
A4 ෂයින් බෝඩ් එකක්
දම්, සුදු සහ කහ කොළ වර්ණ A4 කොළ
ගම්
කතුරක්
පේපර් ශේඩරයක්
ක්විලින් ටූල් එකක්
තැඹිලි වර්ණ භාග පබළු
පළමුව පේපර් ශේඩරය මඟින් අවශ්‍ය අඟල් 1/8 පටි කපා ගන්න. චෛත්‍යය නිර්මාණය කිරීම සඳහා 1/8 තනි පටිය බැගින් ගෙන ටයිට් රෝල් සාදා ගන්න. මෙම ටයිට් රෝල් අවශ්‍ය වන්නේ චෛත්‍යය වටේ නිර්මාණයකර ගැනීම සඳහායි. චෛත්‍ය ඇතුළත සඳහා 1/8 පටියක් ගෙන එය කොටස් හතරකට කපා ගන්න. කපාගත් එක් කොටස බැගින් ගෙන ස්කැරොල්ස් සාදා ගන්න. චෛත්‍යයේ උඩ කොටස සඳහා ලූස් කොයිල් සාදා දිග කොටු හැඩ සකසා ගන්න. ඉන්පසු උඩම කොටස සඳහාත් ලූස් කොයිල් සාදා ත්‍රිකෝණ හැඩය සාදාගන්න. ෂයින් A4 බෝඩ් එක ගෙන හරි මැදින් දෙකට නමා ගන්න. පසුව පින්තූරයේ පෙනෙන ආකාරයට චෛත්‍යය නිර්මාණය කරගන්න. එහි යටටද ස්කැරොල්ස් කිහිපයක් අලවා අලංකාර කරගන්න.
මෙහි මල් නිර්මාණය කිරීම සඳහා දම් වර්ණයේ සහ සුදු වර්ණයෙන් 1/8 පටි දෙකක් එකට අලවා ක්විලින් ටූල් එක ආධාරයෙන් ලූස් රෝල් සාදා ගන්න. සාදාගත් ලූස් රෝලෙහි හරි මැදින් දෙකට නමා මල් පෙත්ත හැඩකර ගන්න. පින්තූරයේ පෙනෙන පරිදි බෝඩ් එක මත මේ මල් පෙති අලවා මල නිර්මාණය කරගන්න. මලෙහි මැදට භාග පබළුවක් ද අලවා ගන්න. කොළ නිර්මාණය කිරීම සඳහා 1/8 කහ වර්ණ පටිය බැගින් ගෙන මාකීස් සාදාගන්න. මාකීස් තුනක් එකට අලවා කොළ නිර්මාණයකර රූපයේ පෙනෙන ආකාරයට අලවා ගන්න. ඔබ කැමැති පරිදි වෙසක් සුබ පැතුම ලියා හෝ මුද්‍රණයකර අලවා ගත හැකියි. පන්චර් එකක් මඟින් බෝඩර් එකෙහි අයින් කපා අලංකාර කරගන්න.
Tharunie
හැමදේම මිල ගණන් මේ කාලේ ඔබේ දෑතේ නිර්මාණශීලී හැකියාවෙන් ප්‍රයෝජනයක් ගත හැකිනම් කෙතරම් අගනේ ද. ඉතිං ආදරණීය දියණියට පෑන්, පැන්සල් ටික දමන්න ලස්සනම ලස්සන පැන්සල් රඳවනයක් තමන්ටම ගෙතිය හැකි නම් කෙතරම් අගනේ ද?
අලුත්ම විලාසිතා අනුව හැඩවෙන්නට යුවතියන් හරිම කැමැතියි. අලුත් ඇඳුමකින් හැඩවෙන විට ඊට ගැළපෙන ආකාරයෙන් ආභරණ පලඳින්නත් ඔවුන් හරිම උනන්දුයි.
ගෘහ අලංකරණයට කැමැත්තක් දක්වන අයට ඉතාමත් පහසුවෙන් හදාගන්න පුළුවන් ඉතාමත් අලංකාර මල් බඳුනක්
නෙක වර්ණ රටා මැවිය හැකි සොඳුරු කලාවක් ලෙස රිබන් එම්බ්‍රොයිඩරි කලාව හඳුන්වන්න පුළුවන්. එම කලාවෙන් විවිධ නිර්මාණ බිහි කරන්නට ඔබ නිරතුරු සූදානම් බවත් අප දන්නා දෙයක්.
මවකට මෙන්ම පියකුටද තම දියණිය මැණිකකි. ඒ මැණික ඔපදමා හැඩ කිරීමටත් ඒ හැඩ විඳීමටත් මාපියන් නිතර වෙහෙසෙති. පුංචි දියණී අලංකාර විලාසිතාවලින් හැඩ කිරීමට මාපියන් නොගන්නා උත්සාහයක් නැත.
එම්බ්‍රොයිඩරි කලාවන් අතර සුන්දරම නිර්මාණ බිහි කරන රිබන් එම්බ්‍රොයිඩරි, ලාංකේය කතුන් වඩාත් ප්‍රිය කරන්නකි. මෙහි දැක්වෙන ලස්සන පුංචි සුරංගනන් මසා ඇත්තේ ද එම කලාවෙනි. කුෂන් කවර, ඇඳ ඇතිරිලි, මේස රෙදි මෙන්ම බිත්ති සැරසිලි හා ඇඳුම් හැඩ කිරීමටත් මේ මෝස්තර භාවිත කළ හැකියි.
ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ මෙම ශිල්පයේ දෙවන කොටස සෑදීමට අදහස් වලින් පිරී ඇත අපගේ නිවස අලංකාර කිරීම සඳහා විවිධ ඉටිපන්දම් රඳවනයන් අපේ රසය අනුව. අපි අපේ නිවසට සුවපහසු, ගෘහස්ථ සහ උණුසුම් වාතාවරණයක් ලබා දෙන්නෙමු. මතක තබා ගන්න... ගින්නෙන් ඇතිවිය හැකි අනතුර නිසා නිවසේ ඉටිපන්දම් දැමීම ඔබට ආයාචනා නොකරන්නේ නම්, එම බලපෑමම ඇති නමුත් අවදානම ඉවත් කිරීමට අපට විශිෂ්ට විදුලි විකල්ප තිබේ.
අපගේ ඉටිපන්දම් රඳවන විකල්ප මොනවාදැයි බැලීමට ඔබට අවශ්‍යද?
මෙම ඉටිපන්දම් රඳවනයන්, සරලව සෑදීමට අමතරව, ඉතා අලංකාරයි.
පහත සබැඳිය අනුගමනය කිරීමෙන් ඔබට මෙම ඉටිපන්දම් රඳවනය පියවරෙන් පියවර සාදා ගන්නා ආකාරය දැක ගත හැකිය.
නිවස සඳහා මෙම ශිල්පය සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය පහත දැක්වේ:
මෙම අවස්ථාවේ දී මම තුනක් සාදා ඇත්තෙමි, මන්දයත් එම සංයෝජනය සුන්දර ලෙස පෙනෙන නිසා රැහැන් පෙදෙසෙහි උස වෙනස් වන පරිදි වෙනස් වන නමුත් ඒවා යුගල වශයෙන් හෝ තනි ඉටිපන්දම් දරන්නෙකු විය හැකිය.
manualidadeson
තෑග්ගක් ලෙස දෙන්න කදිම රටාවකි. නිල් පැහැය කැපී පෙනෙන ලෙසින් මේ සඳහා භාවිත කර ඇත.
සුදු පාට අයිඩා රෙදි
ටැපැස්ට්‍රි ඉඳිකටු
අවශ්‍ය වර්ණවල කපු කැරැලි නූල්
රාමුව, කතුර
මෙය අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්දේ මසා ගන්නේ නම් දළ වශයෙන් සෙන්ටිමීටර් 11.61x14.7 ප්‍රමාණයේ නිර්මාණයකි. අඟලට කොටු 10ක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ.
අඟලට කොටු ප්‍රමාණය මත තෝරාගත් රෙදි වර්ගය අනුව නූල් පොටවල් ගණන තෝරා ගන්න. මෙය ඔබට කොටු ගණන්කර මසාගත හැකියි. රේඛා අදාළ වර්ණ කැරැලි නූල් පොට දෙකක් භාවිතකර ආපසු මැස්මෙන් මසා ගන්න. භාග කතිර මැස්මෙන් මැසිය යුතු කොටස් භාග කතිර මැස්මෙන් මසන්න.
උපදෙස් හා සටහන - පාලිකා දිල්රුක්ෂි
Tarunie
නිල් පාටේ ප්‍රභේද දෙකක්. හරිම ලස්සනයි. මේ පාට දෙක එකතු වූ වූල් ගෙතුමෙන් බෑග් එකක් ගේතූවිට තවත් ලස්සනයි.
ඔබට පහසුවෙන් සොයාගත හැකි, මිල අඩු සහ විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා දෙන නව යාත්‍රාවක් සෑදීමට ඔබට හැඟෙන්නේ නම්, ඔබට දැනීම මූලික අංගයක් ලෙස සලකන ලෙස මම නිර්දේශ කරමි.
හැඩට වැඩට ලස්සනට ඉන්න අපේ තරුණියන් හරි ම කැමැතියි. ඒ නිසාම විවිධ විලාසිතා අපේ යුවතියන් අත්හදා බලනවා. හිස් පලඳනා, හිස්වැසුම් වලටත් නව යොවුන් වියේ පසුවන යුවතියන් වැඩි කැමැත්තක් දක්වන්නේ එයින් වෙනස්ම අලංකාරයක් තමන් ගේ පෙනුමට එක්කරන නිසයි. ඒ නිසාම අපි හිතුවා මෙවර අත්කම් විශේෂාංගයෙන් වූල්වලින් ගෙතිය හැකි හුරුබුහුටි තොප්පියක් ගොතන ආකාරය කියලා දෙන්න. වර්ණ කිහිපයක්ම වුවත් යොදාගෙන පහසුවෙන් ගෙතිය හැකි මේ අපූරු තොප්පිය ගොතා ඔබ යන ගමන බිමන තවත් හැඩකර ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
පාට දෙකකින් වූල්
රිබන්
සුදු පැහැ පබළුවක්
නූල්
ඉඳිකටු
ගෙතුම් කටුවක්
නිර්මාණය කරගන්නා ආකාරය
පළමුව 1 රූපයේ පරිදි දම්වැල් තුනක මුදුවක් ගොතා ගන්න. දැන් 2 රූපයේ පරිදි එයට දෙපට පිරවුම් 12ක් ගොතා රවුමක් සාදා ගන්න. 3 රූපයේ පරිදි මීළඟ පේළියට දෙපට පිරවුම් එකක්, දෙකක් රටාවට රවුමට ගොතන්න. ඒ රටාවටම පේළි 3ක් ගොතා 4 රූපයේ දැක්වෙන ආකාරයට සම්පූර්ණ කරගන්න.
පසුව පාට මාරුකර දෙපට පිරවුම් දෙකක් එක සිදුරකට සහ දෙපට පිරවුම් පහක් සිදුරු පහකට රටාවට පේළි තුනක් 5 රූපයේ දැක්වෙන පරිදි සම්පූර්ණ කරගන්න.
දැන් 6 රූපයේ පරිදි දම්වැල් තුනක් ඉහළට ගොතා පේළිය අරඹා, ඊළඟ සිදුරෙන් එනම් කළින් පේළියේ දෙපට පිරවුමේ අතරින් ඉදිරිපසින් කටුව යවා දෙපට පිරවුමක් ද, එලෙසම ඊළඟ සිදුරෙන්, තොප්පියේ ඇතුළු පැත්තෙන් දෙපට පිරවුම අතරින් කටුව යවන්න. 7 රූපයේ දැක්වෙන පරිදි දෙපට පිරවුමක් ද ගොතන්න. මෙලෙස පේළිය පුරාවට ඉදිරිපසින් ඇතුළු පැත්තෙන් ලෙස මාරුවෙන් මාරුවට පිරවුම් යොදන්න. එවිට පේළිය 8 රූපයේ ආකාරයට දිස් වේ.
මෙම රටාවේ දෙවැනි පේළිය ද එලෙසම ගෙතුමේ ඉදිරිපසින් සහ ඇතුළු පැත්තෙන් දෙපට පිරවුම් යෙදිය යුතු අතර කලින් පේළියේ ඉදිරිපස ගෙතුමටම ඉදිරිපස ගෙතුමෙන් සහ ඇතුළු පැත්තේ ගෙතුමෙන් ඇතුළු පස ගෙතුමටම යෙදිය යුතුය.
දැන් 9 වැනි රූපයේ පරිදි දෙවන පේළිය අවසානයට මෙම රටාවෙන් පේළි හතක් ගොතන්න. 10 රූපයේ පරිදි කලින් තොප්පිය මුදුනට යොදාගත් තවත් පේළි තුනක් ගොතන්න. 11 රූපයෙන් දැක්වෙන ආකාරයට නැවතත් පෙර වර්ණයෙන්ම තවත් පේළියක් ගොතන්න. එවිට එම රටාවෙන් සම්පූර්ණ පේළි 11ක් තිබිය යුතුය.
තොප්පියේ වාටිය ගෙතීමට, තනිපට පිරවුමක් යොදා ගත යුතු අතර 12 රූපයේ පරිදි එය පෙර රටාවෙන්ම ඉදිරිපසින් පමණක් කටුව පන්නා පළමු පේළිය ගත යුතුය. දැන් 13 රූපයේ පරිදි
දෙවැනි පේළියේ සිට සාමාන්‍ය පරිදි ගෙතුමේ සිදුරුවලින් තනිපට පැන්නුමෙන් පේළි හතරක් ගොතන්න.
14 රූපයේ දැක්වෙන ආකාරයට අවසාන පේළිය සඳහා නැවතත් මුදුණට භාවිත කළ වර්ණයම යොදා ගන්න.
අවසානයට 15 රූපයේ දැක්වෙන පරිදි රිබන් බෝ එකට පබළුව අමුණා එය තොප්පියට මසා ගන්න.
උපදෙස්
වූල් ගෙතුම් ශිල්පිනී
මධූෂා වික්‍රමනාරායන
- Tarunie
Page 5 of 25