Friday, April 19, 2024
Follow Us
රෙසින් කලාවෙන් Open Bezles කරාබු දෙකක්

අලුත්ම විලාසිතා අනුව හැඩවෙන්නට යුවතියන් හරිම කැමැතියි. අලුත් ඇඳුමකින් හැඩවෙන විට ඊට ගැළපෙන ආකාරයෙන් ආභරණ පලඳින්නත් ඔවුන් හරිම උනන්දුයි.

අද අප මේ ගෙන එන්නේ එලෙසින් හැඩවෙන්නට කැමැති යොවුන් ඔබ වෙනුවෙන් හරිම පහසුවෙන් නිර්මාණය කරගත හැකි කරාබු කිහිපයකි. මේ කරාබු හරිම අගෙයි නේද කියලා බලන්න. රෙසින් කලාවෙන් නිර්මාණය කරගන්නා මේ කරාබු යුගලය ඔබත් නිර්මාණයකර බලන්න.

Open Bezles  කියන්නේ විසිතුරු රෙසින් නිර්මාණ කලාවේ තියෙන තවත් අපූරු අංගයක්. සැබැවින්ම open bezle එකක් කියන්නේ  Pendent එකක්,  Keytag එකක් හෝ Earing එකක හැඩයට නිපදවන ලද ලෝහ රාමුවක්.

මෙම ලෝහ රාමුව තුළට රෙසින් මිශ්‍රණය පිරවීමෙන් අපූරු නිර්මාණ බිහි කරන්නට පුළුවන්.

Open Bezle එක  ලෝහ රාමුවක් බැවිනුත් එය තුළට රෙසින් මිශ්‍රණය පුරවා ගත යුතු බැවිනුත් අප මූලිකවම අවධානය යොමු කළ යුත්තේ පිටතට කාන්දු නොවන පරිදි Bezle එක තුළට රෙසින් මිශ්‍රණය පිරවීම සඳහා open bezle එක නිවැරදිව ස්ථානගත කිරීම පිළිබඳවයි.පිටතට රෙසින් මිශ්‍රණය කාන්දු නොවන පරිදි ඕපන් Open Bezle එක නිවැරදිව තබා ගැනීම සඳහා ක්‍රම කිහිපයක් භාවිතා කළ හැකියි.

පළමු ක්‍රමය නම් silicone රබර් වලින් සෑදූ working mat එකක් මත open bezle  එක නිවැරදිව තබා ගැනීමයි. මේ සඳහා කේක් නිර්මාණ කලාවේ දී භාවිතා වන pondan icing සැකසීම සඳහා භාවිතා කරන rubber mat එකක් වුවද භාවිතා කළ හැකිය. Bezle එක working mat එක මත ස්ථානගත කර ගැනීමෙන් පසුව අවශ්‍ය නම් glue gun එකක් ආධාරයෙන් Bezle එකට පිටතින් එහි පිටත දාරය වටා glue layer  එකක් යොදා ගත හැකිය.

දෙවන ක්‍රමය වන්නේ Open Bezle යොදාගෙන කරනු ලබන  නිර්මාණ සඳහා ම විශේෂයෙන් නිපදවූ  Bezle tape එකක් මත Open Bezle එක අලවා ගැනීමයි.

Bezle එක තුලට පුරවන ලද රෙසින් මිශ්‍රණය සවි වීමෙන් පසුව මෙම ටේප් එක ගලවා ඉවත් කර ගත හැකිය.

තුන්වන ක්‍රමයේදී Open Bezle එකේ ප්‍රමාණයට මඳක් පළලින් වැඩි සෙලෝටේප් එකක් මත Bezle එක අලවා ගැනීමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

Crystal Clear Epoxy Resin සහ Epoxy Hardener

එකම හැඩයෙන් යුතු Open Bezles දෙකක්

රෙසින් සහ හාඩනර් මැන ගැනීමට වෙන වෙනම මිනුම් කෝප්ප දෙකක් (measuring cups)

මිශ්‍ර කරගැනීමට mixing cup එකක්.

Mixing tools

නිසි පරිදි විජලනය කරගත් ස්වභාවික මල් හෝ  කෘතිම මල්

අවශ්‍ය නම් ඇල්කොහොල් වර්ණක හෝ MICA වර්ණක

නිර්මාණය කරගන්නා ආකාරය

එකම හැඩයෙන් යුතු open bezles දෙකක් ගෙන ඉහත සඳහන් කළ පරිදි Bezle දෙක නිවැරදිව ස්ථානගත කරගන්න.  ඉන්පසු මිනුම් කප් දෙකක් ගෙන එවාට Resin  සහ Hardener 2 :1 අනුපාතයෙන් දමා ගන්න.  ඉන්පසු Mixing tool භාවිත කරමින් විනාඩි පහකට  වැඩි වේලාවක් එකම දිශාවකට රිද්මයානුකූලව මිශ්‍ර කරගන්න. මිශ්‍ර කිරීමේදී මිශ්‍රණය තුළ වායු බුබුළු හටගෙන ඇත්නම් ඒවා ඉවත් වීමට තවත් විනාඩි 5ක් පමණ මිශ්‍රණය එලෙසම තිබෙන්නට හරින්න. එසේත් නොමැතිනම් ලයිටරයක් ආධාරයෙන් වායු බුබුළු ඉවත් කරගන්න.

ඉන්පසුව නිවැරදිව සකසා ගත් රෙසින් මිශ්‍රණය open bezles ,දෙක තුළට වත් කරගත හැකිය. නිර්මාණයේ සුන්දරත්වය සහ වටිනාකම වැඩිකර ගැනීම සඳහා ස්වභාවික මල් කොළ වැනි දේ ඇතුළත් කරගත හැකිය. එසේ ඇතුළත් කිරීමේදී  අප විසින් Bezle එක තුළට යොදනු ලබන ස්වාභාවික මල් කොළ ආදිය Bezle එකෙහි මධ්‍යයේ නිවැරදිව රැඳවීමට ලෙයර් ක්‍රමය භාවිතා කළ හැකිය. එනම්, open bezle  එකේ මධ්‍යය අඩක් පමණක් රෙසින්  මිශ්‍රණයෙන් පුරවා පැය 4ක් පමණ තිබෙන්නට හරින්න. එවිට  මිශ්‍රණය ජෙල් තත්ත්වයකට පැමිණෙන අතර එම අවස්ථාවේ දී මල් කොළ ආදී ස්වභාවික ද්‍රව්‍ය අන්තර්ගත කර ඉන්පසු ඊට උඩින් දෙවැනි රෙසින් මිශ්‍රණ කොටස යොදාගත හැකිය.

රෙසින් අත්කම් නිර්මාණ ශිල්පිනී

චංචලා අතුකෝරාල

Tharunie