Wednesday, April 24, 2024
Follow Us
ගෘහ අලංකරණයට කැමති ඔබට විසිතුරු මල් බඳුනක්

ගෘහ අලංකරණයට කැමැත්තක් දක්වන අයට ඉතාමත් පහසුවෙන් හදාගන්න පුළුවන් ඉතාමත් අලංකාර මල් බඳුනක්

හරිම සරල ද්‍රව්‍ය කිහිපයක් පමණක් අවශ්‍ය වෙන මේ මල් බඳුන නිවස වගේම කාර්යාලය හැඩකරගන්නත් කදිමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

බැලු‍ම් බෝලයක්

සිහින් වැලි

වෝටර් කලර්ස්

පින්සලක්

බයින්ඩර් ගම්

රන් හෝ රිදී පැහැ කලර් ස්ප්‍රේ එකක්

සිප්පි කටු කිහිපයක්

සාදාගන්නා ආකාරය

බැලු‍ම් බෝලය පුම්බා සකසීමට අවශ්‍ය මල් බඳුන් කටේ වටප්‍රමාණයට බැලු‍ම වටා පෑනකින් රවුමක් ඇඳගන්න. ඇඳගත් එම කොටස හැර බැලු‍මේ අනිත් සියලු‍ම ස්ථානයන්හි බයින්ඩර් ගම් බිඳිති ගල්වා පින්සලක් ආධාරයෙන් එය බැලු‍මේ සෑමතැනකම ගල්වන්න. ගම් වියලෙන්නට පෙර සිහින් වැලි ගෙන ගම් තැවරූ ප්‍රදේශවලට ඉසගන්න. ඒ අකාරයෙන් වැලි ස්ථර දෙකකින් බැලු‍ම වසාගෙන හොඳින් වියළෙන්නට හරින්න. වැලි හොඳින් වියලු‍ණු පසු කටුවක් ගෙන බැලු‍ම පුපුරවා වැලි බඳුනේ රැඳුණු බැලු‍ම් කැබලි ඉවත් කරගන්න. සකසාගත් මල් බඳුන අලංකාර කරගැනීම සදහා බඳුනේ කට වටා එකම වර්ගයේ සිප්පි කටු අලවාගන්න. මෙය අලවාගැනීම සඳහා ග්ලූ ගන් එකක් භාවිත කිරීම වඩාත් සුදුසුයි. පින්තූරයේ දැක්වෙන පරිදි ඒ ආකාරයෙන්ම මල් බඳුන රඳවා තබාගැනීම සඳහා සිප්පි කටුවලින් බඳුන යටද සකසාගන්න. අවසානයේ කලර් ස්ප්‍රේ එකක් මගින් සියල්ල වර්ණ ගන්වා හෝ ස්වභාවික පෙනුමෙන් ඔබට මල් බඳුන සකසාගත හැක. සිප්පු කටු මෙන්ම ඡායාරූපයේ ඇති ආකාරට ඕනෑම විසිතුරු ද්‍රව්‍යයක් භාවිතයෙන් ඔබට මෙවැනි බඳුන් සකසාගත හැක.

( අන්තර්ජාලය ඇසුරෙන් )