Friday, April 19, 2024
Follow Us
පාසල් යන දියණියට වූල් ගෙතුමෙන් පැන්සල් රඳවනයක්

හැමදේම මිල ගණන් මේ කාලේ ඔබේ දෑතේ නිර්මාණශීලී හැකියාවෙන් ප්‍රයෝජනයක් ගත හැකිනම් කෙතරම් අගනේ ද. ඉතිං ආදරණීය දියණියට පෑන්, පැන්සල් ටික දමන්න ලස්සනම ලස්සන පැන්සල් රඳවනයක් තමන්ටම ගෙතිය හැකි නම් කෙතරම් අගනේ ද?

පැන්සල් රඳවන නම් කොයිතරම් තියේ ද? ඒත් ඒවා අපේ මුදල් පසුම්බියට දැරිය නොහැකි තරමේ මිල ගණන්වලින් යුක්තයි. නමුත් මැහුම් ගෙතුම් කලාවට ළබැඳි ඔබට නම් එම ගැටලුවට මුහුණ පෑමට සිදු නොවේවි.

බලන්නකො, මේ පැන්සල් රඳවනය දෙස. හරිම අපූරුයි නේද? බලන්න ඔබටත් මේ නිර්මාණය ගොතා ගන්න පුළුවන් නේද කියලා.

16 43

අවශ්‍ය ද්‍රව්‍ය

15 51රතු වූල්

සුදු වූල්

රතු පැහැ පබළුවක්

නූල්

ඉඳිකටු

ගෙතුම් කටුව

ලයිනින් සඳහා ‍රතු පැහැ රෙදි කොටසක්

නිර්මාණය කරගන්නා ආකාරය

පළමුව 1 රූපයේ පරිදි අඟල් 7ක් දිග දම්වැල් පේළියක් ගොතා ගන්න. ඉන්පසු 2 රූපයේ දැක්වෙන ආකාරයට දෙපට පිරවුමෙන් පේළි 5ක් රතු වර්ණයෙන් ගොතන්න. දැන් 3 රූපයෙන් පෙන්වා දෙන පරිදි සුදු පාට නූල අමුණා දෙපට පිරවුමෙන් පේළි 2ක් ගොතන්න. ඉන්පසු රතු පාට නූල අමුණා 4 රූපයෙන් පෙන්වා දෙන ආකාරයට පේළි 1ක් ගොතා නැවත සුදු නූලෙන් පේළි 2ක් ගොතන්න. නැවත රතු නූල අමුණා දෙපට පිරවුමෙන් පේළි 12ක් ගොතන්න.

ලයිනින් සඳහා වන රෙදි කොටස මෙම සම්පූර්ණ ගෙතුම් කොටසේ ප්‍රමාණයට ගත යුතුය.

5 රූපයේ ආකාරයට ලයිනින් රෙදි කොටසට ෂිපරය අල්ලා දෙපස මූට්ටු කරන්න. දැන් මෙලෙස ෂිපරය අල්ලා මූට්ටු කරගත් රෙදි කොටස පසෙකින් තබාගන්න.

6 වැනි රූපයේ පරිදි ගොතා අවසන් කළ ගෙතුම් කොටස දෙකට නවා, දෙපස මූට්ටුකර ගන්න.

දැන් 7 සහ 8 රූපවල දැක්වෙන පරිදි ගෙතුම තුළට මසාගත් ලයිනින් කොටස දමා විවරය වටේට ෂිපරය ළඟින් මසා ගන්න.

මල සකසා ගැනීම

පළමුව දම්වැල් 3ක මුදුවක් සාදා එයට දෙපට පිරවුම් 12කින් යුත් රවුමක් සකසා ගන්න. පෙති නිර්මාණය කරගැනීම සඳහා දම්වැල් 3ක් ඉහළට ගොතා දෙපට පිරවුම් දෙක බැඟින් රවුමේ සිඳුරු 3කට දමා ගෙතුම් හයම එකවර පන්නා නැවත දම්වැල් තුනකින් රවුමට සම්බන්ධ කර ගන්න.

මේ ආකාරයේ පෙති 5ක් රවුම වටේ සකසා ගන්න. මල මැදට රතු පාට පබළුවක් අමුණා මල පැන්සල් රඳවනයේ ඉදිරිපසට සම්බන්ධ කර ගන්න.