Friday, March 29, 2024
Follow Us
පුංචි දෝණිගේ කාමරය හැඩ කරන්න එම්බ්‍රොයිඩරි සැරසිල්ලක්

එම්බ්‍රොයිඩරි කලාවන් අතර සුන්දරම නිර්මාණ බිහි කරන රිබන් එම්බ්‍රොයිඩරි, ලාංකේය කතුන් වඩාත් ප්‍රිය කරන්නකි. මෙහි දැක්වෙන ලස්සන පුංචි සුරංගනන් මසා ඇත්තේ ද එම කලාවෙනි. කුෂන් කවර, ඇඳ ඇතිරිලි, මේස රෙදි මෙන්ම බිත්ති සැරසිලි හා ඇඳුම් හැඩ කිරීමටත් මේ මෝස්තර භාවිත කළ හැකියි.

බලන්න මේ අපූරු නිර්මාණය දිහා... මලින් පිරුණු මල් ගොමුවක සිටින ලස්සන පුංචි සුරගනන්. පුංචි දෝණිගේ කාමරය හැඩකරන්න අපූර්ව නිර්මාණයක් වන මෙය රිබන් එම්බ්‍රොයිඩරි කලාවෙන් ඔබටත් මෙලෙස නිර්මාණය කරගත හැකියි.  මේ නිර්මාණය ඔබේ දියණියගේ කාමරය සරසන්න වගේම දියණියකට තෑගි දෙන්නත් කදිමයි

එග් වයිට් බේබි රිබන් අඟල් 1/2ක් සිල්ක් සෙටින් රිබන්

ඔලිව් ග්‍රීන් බේබි රිබන්

ඔලිව් ග්‍රීන්, රෝස, දුඹුරු, තැඹිලි, කළු සහ සුදු කපු කැරලි නූල්

නො. 18 - 22 ට්‍රැපැස්ට්ට ඉඳිකටු

එම්බ්‍රොයිඩරි කතුරු

එම්බ්‍රොයිඩරි රාමුවක්

අමු රෙදි

පළමුව අමු රෙද්ද සෝදා වියළා ගන්න. ඉන්පසු රූපයේ දැක්වෙන පරිදි සුරගනන් අමු රෙද්ද මත පිටපත් කරගන්න. ඉන්පසු රෙදි පින්තාරු තීන්ත යොදා ගනිමින් රූපයේ ඇති අාකාරයට වර්ණ ගන්වා ගන්න. නැතහොත් මෙම මෝස්තරය ෆැබ්රික් පේන්ටින් එකක් ලෙස මුද්‍රණය කරගන්නත් පුළුවන්.

වර්ණ ගැන්වූ අමු රෙද්ද වියැළෙන්න තබා එම්බ්‍රොයිඩරි රාමුවට සම්බන්ධ කරන්න.

ප්‍රථමයෙන් කොණ්ඩය මසා ගැනීම සඳහා හිස් මුදුණේ සිට කපු කැරලි නූල් දිගට මසා ගන්න. ඉන්පසු කොණ්ඩය සඳහා කපු කැරලි නූල් කපා වෙන්කර ගන්න. මෙසේ ස්වභාවික හිසක ආකාරයට කෙස් කලඹ සකසා ගැනීමෙන් ස්වභාවිකත්වය ඉස්මතු කරගත හැකියි.

සමනල් පිහාටු සඳහා රූපයේ දැක්වෙන වර්ණ භාවිත කරමින් පිරවිලි මැස්ම හා දිග කොට මැස්ම භාවිතකර තටු මසා ගන්න. මල් පොකුරුවල නැට්ට සඳහා ඔලිව් ග්‍රීන් රිබන් එක ගෙන අඹරවා ගනිමින් මසා ගන්න. 

මල් පොකුරේ ඇති මල් එකිනෙකට මල බැගින් මසාගත යුතුය. ඒ සඳහා ඕෆ් වයිට් බේබි රිබන් එක ගෙන කුඩා ස්ට්‍රේට් ස්ටිච් දමා ගන්න. එය ඉලිප්පී ත්‍රිමාණ හැඩයක් ලැබෙන සේ පෙත්ත මසා ගන්න. එවැනි කුඩා පෙති 5ක් එක මලකට මසා ගත යුතුය. අවසානයේ කහ කපු කැරලි නූල්වලින් රේණු මසා ගන්න. ඒ ආකාරයෙන් සියලු මල් මසා මල් පොකුර නිම කරගන්න.

සුරඟන ගවුමේ යට වාටියේ ඇති මල් ද පෙර පරිදිම මසා ගන්න. අත් සහ කර සඳහා අඟල් 1/2 රිබන් එකෙන් ස්ට්‍රෙට් ස්ටිච් මැහුම් දමා අලංකාර කරගන්න.

උපදෙස්

අත්කම් උපදේශිකා

ශලින්ද්‍රි අලෝකා

 

Tharunie