Thursday, April 25, 2024
Follow Us
ප්‍රින්සස් ලයින් සාරි හැට්ටයක සැබෑ පතරොම

ඔන්න ඉතිං අද කාන්තාවන්ට බොහොම වටිනා තිළිණයක් ලබා දෙන්න අපි තීරණය කළා. ඒ තමයි සාරි හැට්ටයක සම්පූර්ණ සැබෑ පතරොම. රැකියාවට යන ඔබට මෙය ඉහේ මලක් පිපුණා වගේ.

මේ පපුව අගල් 36, උරහිස අඟල් 15 ප්‍රින්සස් ලයින් සාරි හැට්ටයක සැබෑ පතරොමකි.

මෙවැනි සාරි හැට්ටයක් උත්සව අවස්ථාවකට කදිමට ගැළපේ.

අද කාලේ සාරි හැට්ටයක් මසා ගන්න කොයිතරම් මුදලක් වැය වෙනවාද? ඒ වගේමයි වෙන කෙනෙක්ට කියලා මසා ගන්න ගියොත් ගතවෙන කාලයත් වැඩියි. ඉතිං කාලය, මුදල සියල්ල ඉතිරි කරගනිමින් මේ හැට්ටය ඔබේම දෑතින් මසාගන්න අවස්ථාව දැන් ඔබ සතුයි. තමන්ම මැසූ හැට්ට විලාසිතාවක් ඇඳ පැලඳ යාමේ අභිමානය මෙතකැයැයි කිව නොහැකියි. එසේ නම් තරුණී අපි හරිම ආදරෙන් ඔබට මේ අනගි තිළිණය තිළිණ කරනු ලබනවා.

පළමුව ඉදිරිපස පළුව සඳහා ප්‍රින්සස් ලයින් කැපුම් යොදා ඇඳගන්න. එය කොටස් දෙකකින් යුක්තයි. කළු රේඛා මගින් ඉදිරිපස පළුවේ කොටස් දෙක ඇඳ තිබෙනවා. ඒඕඛ්ඛ්1, ඡ්ඡ් 1 කොටස පළමු කොටස වන අතර ඉදිරි මැද කොටස ඒඡ් සිට පිටතට මැහුම් වාසි අඟලක් තබා කපාගන්න. ඉණට සහ උරහිසටත් මේ විදියට මැහුම් වාසි අඟල බැගින් තියාගන්න. දැන් ප්‍රින්සස් ලයින් කැපුමට අඟල් 1/2ක් මැහුම් වාසි තබා ගන්න.

මේ සාරි හැට්ටයට ලේස් රෙද්දෙන් සෙටින් රෙද්දෙන් සහ පොප්ලින් යන රෙදි වලින් අපි ලබාදී ඇති මිමි පරිදි කොටස් තුන බැගින් කපාගන්න.

දැන් එක මත එක පිළිවෙළට තබා මැහුම් වාසි දිගේ නූල් ඇදගන්න.

ඔයාලට මේ සාරි බ්ලවුසය මසා ගන්න

මේ විදිහට කොටස් දෙකක් ඕනෙ කරනවා.

ඉන්පසුව ඒඡ් හරි මැදට සිපරයක් අල්ලාගන්න.

දෙවැනි කොටසටත් එවැනිම කොටස් තුනක් ම කපා එයද එක මත එක තබා ගෙන නූල් අදින්න. එමගින් ප්‍රින්සස් ලයින් කැපුම් මසාගන්න. ඛ්,ඡ් පළමු කොටස සහ දෙවැනි කොටස මසා අවසන් කරගන්න.

දැන් ඇත්තේ පිටපළුව කොටසයි. එයට උරහිස් මූට්ටු කර ගන්න. කර සහ අත්කට පේසින් හෝ පයිපින් අල්ලා කණපිටට තබා මසා ගන්න. මහන්නට පෙර උරහිස පැත්තට ප්‍රින්සස් ලයින් කැපුම ගෙන මැන සමාන කරගන්න.

-Tarunie