Wednesday, November 27, 2024
Follow Us
Handmade

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටි නිරුවත් මානවයා පරිණාමයත් සමඟින්, විලිවසා ගැනීම සඳහා කොළ අතුවලටත් අනතුරුව සත්ත්ව සම්වලටත් යොමු වුණි. අනුක්‍රමයෙන් ශිෂ්ටාචාර ගත වෙද්දී නූල් නිපදවා රෙදි වියා ගැනීම සිදුවූවා. වසර දහස් ගණනකට ඉහත දී නිමැවුණු එම දළ රෙදිකඩ අද වන විට අදහාගත නොහැකි තරම් වෙනසකට, විවිධාංගීකරණයකට ලක් වී තිබෙනවා.

Handmade

මේ උදාවී තිබෙන්නේ මල් මනාලියන්ගේ වසන්තයයි. මේ නිසාම මංගල උත්සවවල අඩුවක් නම් නැහැ. මේ වගේ උත්සවයකට යනකොට සාරිය මෙන්ම ගවුම් අඳින අයට ගැළැපෙන විලාසිතාවක කරාබු යුගලකි මේ.

Handmade

වැඩි පැළ ප්‍රමාණයත් ලබාගත හැකි ක්‍රම දෙකක් ගැන ඔබ දැන් දැනුවත්. පැළ බෝකර ගැනීමේ ක්‍රමවලට විරාමයක් තබා අද අපි කතා කරන්න යන්නේ ඇන්තූරියම් ලෝකයේ ජනප්‍රිය වූ බැංකොක් ඇන්තූරියම් ගැනයි. මේ බැංකොක් වර්ග අතරත් බෝහෝ ජනප්‍රිය වර්ගය වන්නේ කළු ඇන්තූරියම් ය. විශේෂයෙන් ‘ඇන්තූරියම්' කී පමණින් වැඩි පිරිසක් කැමැති කළු පාටට නැත්නම් බ්ලැක් වර්ගවලටයි.

Handmade

සොඳුරු ඇන්තූරියම් ලෝකයේ දම් පාටට හිමිව ඇත්තේ ප්‍රමුඛස්ථානයකි. දම් ඒ තරමටම සුන්දර ලෝකයක් ඇන්තූරියම් මල් වගාකරුවන් අතර නිර්මාණය කර ඇත.
දම් වර්ණයේ ද එකිනෙක ප්‍රභේද පැවතීම තවත් විස්මයකි. ළා දම්, තද දම්, සුදු පැහැය මිශ්‍ර වූ දම්, රෝස පැහැයට ආසන්න දම් ආදී ලෙස මේ වර්ණ පරාසයන් නෙතු විස්මයට පත් කරයි.
නම් ලෙසින් මේ ඇන්තූරියම් හඳුනාගැනීම ආධුනික ඔබට බෙහෙවින්ම ප්‍රයෝජනවත්ය. ෆස්ට් පර්පල්, නිව් පර්පල්, යූටා, ඇලෙක්සියා පර්පල්, බේබි පර්පල්, කවාලි, සිරානෝ, සිසෝව්, ෆියුරිනෝ, ඩයිනමයිට් පර්පල් ආදී වර්ණ රැසකි. මේවායේ මල් විවිධ හැඩගන්නා අතර මලේ ප්‍රමාණය ද එකිනෙකට වෙනස් ය. දම් පැහැයේ ලොකුම යූටා ය.

Handmade

ජීවනීට සරලාගේ නිවෙස දැක්කා ම ලෝබ හිතුණා. පර්චස් 8ක පමණ ප්‍රමාණයක මහල් දෙකකට නිමවා තිබුණු මේ නිවෙසේ සැලැස්ම නම් හරිම අපූරුයි. කිසිම ඉඩක් අපතේ නොයන පරිදි කොරිඩෝවලින් පවා ප්‍රයෝජන ගෙන තිබුණා.

Handmade

ලෝක බෞද්ධ ප්‍රජාවගේ ප්‍රධානතම ආගමික උත්සවය වෙසක් උත්සවයි. මේ නිසාම සතියක් පුරාවට බෞද්ධයන් සම්බුදු තෙමඟුල සමරයි. මේ කාලෙට වෙසෙක් කුඩුවලින් නිවෙස සරසන්න පොඩිත්තන් මහත් රුචිකත්වයක් දක්වයි. එහෙත් මෙවර නම් වෙළෙඳසැලකින් වෙසක් කුඩු මිල දී ගැනීමත්, අමුද්‍රව්‍ය සොයා ගැනීමත් තරමක් අපහසු වේවි. කිසිදු මුදලක් වැය නොකොට අපූරුවට අට පට්ටමක් නිර්මාණය කර ගන්නා අන්දමයි මේ කියා දෙන්නට සූදානම.

Handmade

හැඩට රුවට ඉන්න තරුණියන් උත්සව අවස්ථාවල දී වඩාත් සොඳුරු ලෙස සැරසෙනවා. එවැනි තරුණියන් වෙනුවෙන් තවත් ලස්සන කරාබු යුගලක් නිර්මාණය කරගන්නා ආකාරය මෙන්න. මේ කරාබු ඔබේම අතින් නිර්මාණය කරන්න. මිතුරියන් වෙනුවෙන් නිර්මාණය කර වෙළෙඳපොළක් ද සොයා ගන්න.

Handmade

දවසක් සසංකා එයාගේ මිතුරියක වන මහේෂිගේ නිවෙසට ගියේ හදිසියෙන්, දැනුම්දීමකින් තොරවම. සසංකා යද්දී මහේෂි උයනවා. මුළු කුස්සියම වනා ගෙන මහේෂිට තිබුණේ අලුත්ම සැලසුමකට අනුව ඉදි කළ නවීන පන්නයේ නිවෙසක්. රැකියාවකට නොයන නිසා මහේෂි අතින්මයි නිවෙසේ බොහොමයක් කර්තව්‍යයන් සිදු කෙරුණේ.

Handmade

දරුවෙක් පොතක් පතක් පාඩම් කරනු දැකීමම පවා නෙතට ප්‍රිය දසුනකි. ඉතිං පාඩම් කරන වයසේ ඉන්න, විභාග ආදියට මුහුණ දෙන දරුවෝ පමණක් නොව වැඩිහිටියෝ වුණත් ඉන්න නිවෙසක නිස්කලංක වටපිටාවකින් යුතු ඉගෙනුම් කාමරයක් එහෙමත් නැතිනම් Study room එකක් තිබීම වැදගත්.

Handmade

අප ඉදිරියේ පවතින අවදානම බොහෝ දෙනා තවමත් හරි හැටි හඳුනාගෙන නැහැ. මහ පොළොවේ එක බිම් අඟලක්වත් මුඩු වෙන්න නොදී වගා කිරීම අත්‍යවශ්‍යයි. ඉවතලන දඬු කැබැල්ලක් දලුලන්න තරම් සාරවත් පසක් තියෙන රටේ, වසරේ තුන්සිය හැටපස් දවසේම ඉරපායන, වර්ෂාව ලොකු හිඟයක් නැති රටේ ඉඩම් මුඩු වෙන්න හැරීම, කුඹුරු පුරන් වෙන්න හැරීම තරම් අපරාධයක් තවත් නැහැ.

Handmade

පින්බර වෙසක් සැමරුමක් වෙනුවෙන් වෙසක් සුබපැතුමක් යවන්නට හිතන ඔබ වෙනුවෙන් අගනා කාඩ් පත් දෙකකි මේ. පේපර් කුවිලිං ක්‍රමයට ඔබටත් මේවා පහසුවෙන් නිර්මාණය කරගත හැකියි.

Handmade

ලෝවැසි බෞද්ධයන් බැති සිතින් සමරන වෙසක් පුන් පොහොය තවත් නොබෝ දිනකින් උදාවෙනවා. මේ උතුම් දිනය ලොකු පොඩි සැමට පහන් හැඟුම් සමඟ සිතට සැනසුම ගෙනෙන දවසක්. දින කිහිපයක් පුරා නිවෙස, ගෙවත්ත මෙන්ම මංමාවත් ද විදුලි ආලෝකයෙන් වර්ණවත් කරන්නේ සිත පුරා නැඟි සතුට කියා පාමිනි. ඒ වෙනුවෙන් පවුලේ සැමට එකතු වී අලංකාර නිර්මාණ කරමින් නිවෙසත් අවට පරිසරයත් ආලෝකවත් කළ හැකියි. ඒ වෙනුවෙන් පවුලේ සැමට එක් වී කළ හැකි නිර්මාණ පෙළක් මෙලෙස ගෙන එනවා.

Handmade

පුංචි සන්ධියේ තමන් තුළ පවත්නා හැකියාව රැකියාවක් කර ගන්නේ කීයෙන් කී දෙනාද? සමහරකුට එය හඳුනා ගන්නට නොහැකියි. තවත් අයකුට හඳුනා ගත්තත් එයට ජීවය දීමට ශක්තියක් නොවෙයි. එසේත් නැතිනම් මව්පියන්ගේ කැමැත්තට ඉඩ දී තම හැකියාව සඟවා වෙනතකට යොමු වන්නට වෙයි. එහෙත් ඇතැමුන්ට හිටි හැටියේම තම හැකියාව ප්‍රයෝජනවත් වන අවස්ථා හමු වෙයි.

Handmade

මෝටරයක් සවි කළ ළිපේ වාසිය වන්නේ එය ඉතා පහසුවෙන් ක්‍රියා කිරීමයි

Handmade

නූල් හා ඉඳිකටු ගැන මේ තොරතුරුත් වැදගත්
ඔබ වෙළෙඳපොළෙන් මිලදී ගන්නා නූල් පන්දුවේ ලේබලය කියන්නේ, දැනුම විශාල ප්‍රමාණයක් අඩංගු අත් පොතක් වගේ දෙයක්. එය දැන් ඔබට අවබෝධ වී ඇති. එහෙම නම් ලේබලය ගලවලා බලමු එතැනින් ඉදිරියට යන්නෙ කොහොමද කියලා.

Handmade

වෙසක් දින රාත්‍රීයේ පරිසරය වර්ණවත් කරන්නට අගනා නෙළුම් මල් නිර්මාණයකි මේ. ඔබේ දූ දරුවන් ළං කරගෙන ඔබත් මේ මල් නිර්මාණය කරන්න.

Handmade

හැමෝම අඳින්න කැමැති ඇඳුමක් තමයි ඩෙනිම් කලිසම. අවුරුදු ගාණක් අඳින්නට හැකි ඩෙනිම් කලිසම් පරණ වූ විට ඉවත දමනවා. ඒත් ඔබ නිර්මාණශීලී නම් පරණ ඩෙනිම් ඉවත නොදමා ඒවායින් ප්‍රයෝජන ගන්නට හැකියි.