Saturday, April 12, 2025
Follow Us
නිවෙස හැඩකරන විස්මිත මනි ප්ලාන්ට් නිර්මාණ

'සිලෝන් ක්‍රීපර්', 'හවුස් ප්ලාන්ට්', 'අයිව් එරම්' ආදී විවිධ නම්වලින් හඳුන්වන 'මනි ප්ලාන්ට්' නම් මේ මනරම් වැල් විශේෂය අපේ රටේ බහුලව දක්නට ලැබෙනවා. නිවෙස සුන්දරව හැඩකරගන්න හිතන ඔබට මනි ප්ලාන්ට් වැල්වලින් විවිධ නිර්මාණ කළ හැකියි. නිවෙස ඇතුළතට කලඑළියක් කැඳවාගෙන ආ හැකි එවැනි ලස්සන නිර්මාණ කිහිපයකුයි ඔබ මේ දකින්නේ.

ඒ සඳහා ඉවත දමන වීදුරු බෝතල්, කොහු ලණු, වීදුරු බඳුන්, විවිධ වර්ණ ගල් වර්ග, වියළි වැල් වර්ග, කැඩුණු ෆෑන්වල පියන්, වියළි දර අතු, දැල් කොටස් ආදිය හරි අපූරුවට භාවිත කළ හැකියි. මේ නිර්මාණ දෙස බැලීමේ දී ඒවා භාවිත කර ඇති ආකාරය ඔබට පැහැදිලිව දැකගත හැකියි. ඒ වගේම එය නිර්මාණය කර ඇති ආකාරයත් තේරුම් ගන්නට පුළුවන්. මේ ලස්සන නිර්මාණ කරන්නට ඔබට කිසිසේත් දැනුමක් නැත්නම් මේවා නිර්මාණය කරන ආකාරය යූටියුබ් චැනල් මඟින් විකාශය වෙනවා. එවැනි වැඩසටහනක් නරඹා මේ ලස්සන නිර්මාණ ඔබත් කරන්න. නිවෙස සරසන්න වියදමක් රහිතව කළ හැකි මේ නිර්මාණ ඔබට වෙනත් අයකුගේ නිවෙස සරසන්නට අලෙවි කරන්නත් පුළුවන්.

Tharunie