Tuesday, May 07, 2024
Follow Us
කෑම කාමරය හැඩකරන්න අගනා ඔරලෝසුවක්

මල්, පලතුරු පිරි මේ කතිර රටාව අගනා බිත්ති සැරසිල්ලකි. මේ සඳහා ඔරලෝසුවක් ද එක්කර ඇති බැවින් කෑම කාමරයේ හෝ මුළුතැන්ගෙයි බිත්තිය හැඩ කරන්නට සුදුසුයි.

අද අප මේ නිර්මාණයට අදාළ වර්ණ සංකේත සහ මැසූ පසු නිර්මාණය දිස්වන ආකාරය පෙන්වන පින්තූරය ඉදිරිපත් කරනවා. මෙහි දළ සටහනට අදාළ කොටස් ලබන සතියේ සිට තරුණී ඊ පත්තරය වෙත පිවිසීමෙන් බාගත කරගන්න ඔබට පුළුවන්. ඒ සඳහා www.tharunie.lk වෙත පිවිසෙන්න.

ඔරලෝසුව සඳහා අවශ්‍ය කොටස් වෙළෙඳපොළෙන් ගෙන සවි කරගන්න. නැත්නම් වෙනත් ඔරලෝසුවකින් ගළවා සවි කරගන්න.

 

 

අඟලට කොටු 10ක්, 11ක් හෝ 14ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි

නොම්බර 24 සිට නොම්බර 26 දක්වා ටැපැස්ට්‍රි ඉඳිකටු

අවශ්‍ය වර්ණවල කපු කැරැලි නූල්

රාමුව, ඉඳිකටු, කතුර

 

 

 

රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව මසන නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. මේ නිර්මාණය අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්දේ මසන්නේ නම් සෙන්ටිමීටර් 38.64x29.75 කි. අඟලට කොටු 11ක් ඇති අයිඩා රෙද්දේ මසන්නේ නම් සෙන්ටිමීටර් 49.18x37.87 කි. රාමුකර ගැනීමට වටේට ඉඩ තබා රෙදි කොටස කපාගන්න. අඟලට කොටු 10ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් මෙහි ප්‍රමාණය තව විශාල වේ. නිර්මාණයේ හරි මැද සිට මැසීම අරඹන්න.

රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14 නම් නූල් පොටවල් 4ක් සෑහේ. අඟලට කොටු 11ක් හෝ 10ක් නම් නම් නූල් පොටවල් 6 ම භාවිත කරන්න. රේඛා මඟින් දැක්වෙන ඒවා අදාළ වර්ණ භාවිතකර ආපසු මැස්මෙන් මසාගන්න.

Tharunie