ජීවිතේ ලස්සන කරන්න, අතට මුදලක් උපයා ගන්නට නිවෙසේ සිටම කළ හැකි කදිම ස්වයං රැකියාවක් ලෙස ඇන්තූරියම් වගාව හඳුනාගත හැකියි. මේ සඳහා මඟ පෙන්වීමක් කරමින් අවශ්‍ය උපදෙස් බොහොමයක් ඔබ වෙත ගෙන ආවෙමු. අද අපේ කතා බහ පැළයක් සහ ලොකු ගසක් සිටුවා ගැනීම පිළිබඳයි.
සොඳුරු නිවහනක හිමිකාරියක් වීම ඔබේ සිහිනයයි. තමන් ජීවත් වෙන නිවහන කුමක් වුවත් එය අලංකාර, සුන්දර නිවහනක් බවට පත්කර ගන්න ඔබට පුළුවන්. ඔබේ නිර්මාණ හැකියාවෙන් එය වඩාත් ලස්සන කරගත හැකියි. මේ තියෙන්නේ නිවහනේ ඉදිරිපස අලංකාර කරගත හැකි අමුත්තන් සෙනෙහසින් පිළිගන්න කදිම සැකසුමකි.
මෙවරත් අප අවධානය යොමු කරන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයේ දී ප්‍රමුඛ වැදගත්කම දරන්නා වූ රෙදි සම්බන්ධයෙනි. මිනිසාගේ පැවැත්මට අවශ්‍ය මුලික අවශ්‍යතාවලට අනුව ද රෙදි පිළි සඳහා හිමිවන්නේ වැදගත්කමින් හතරවැනි තැනය. ඒ වාතය, ජලය සහ ආහාරවලට පිටුපසිනි.
ගොපලු දෙවියන් ගවමහේෂා දී කටයුතුවල දී ප්‍රධානත්වය ගන්නා දෙවියන් ය. ගවයන් රකින ගොපලු දෙවියන් ආදරය කරන අපූරු ගසක් ගැන අපි අද සොයා බලමු. ඒ ගොරකාය.
මහ පොළොව තවමත් නිහඩය.මේ පොළෝ ගැබ අප දෙස බලා සිටින්නේ මහත් වේදනාවෙනි. සාරවත් මහ පොළොවේ වටිනාකම නොදත් මිනිසුන් දෑස නොසෙල්වා බලා සිටින්නේ රට වටකරගත් මුහුද දෙසය. එහෙත් මේ පොළොවේ වටිනාකම හඳුනාගත් මිනිසුන් ඒයින් නියම පලනෙළා ගන්නේ දහදිය මහන්සියෙනි. රුවන්වැල්ලේ වහරක මධුෂි භාග්‍යා ද එලෙසින් තම දහදිය මහන්සියෙන් ජීවිතය දිනූ තරුණියකි.
චීත්ත රෙද්දෙන් මහන ගවුම් සිරුරට පහසුවක් ගෙන දෙයි. ඒ නිසා එවැනි ගවුම් ගෙදරට අඳින්න කදිමයි. ඒ සඳහා සැහුල්ලු ගවුම් විලාසිතා සොයන ඔබට මේ ඩාට් දැමූ A ලයින් ගවුම මසන ආකාරය පහදා දෙනවා. චීත්ත. රෙද්දකින් මෙය පහසුවෙන් මසාගත හැකියි.
සොඳුරු දසුනක සුන්දරත්වය කියන ජල තලයක් මත පාවෙමින් හිඳින හංසයෙකි. බිත්ති සැරසිල්ලක් ලෙස නිමවා ගන්නට මෙය කදිමයි නේද?
කොච්චර නැති වුණත් ඔබේ කුස්සිය පිටුපස්සේ පොඩ්ඩක් හරි ඉඩ පහසුකමක් තියෙනවනේ. එතැන මොනවද තියෙන්නේ? කරපිංචා ගහක්, රම්පෙ පැළයක් ඇති. ඒත් සමහර විටෙක කුරුඳු ගහක් ඉන්දන්න ඔබට අමතක වෙන්න ඇති. ඒත් කුරුඳුවල ගණන් ඇහුවම ඔබට කුරුඳු පැළයක් හිටවන්න හිතේවි. කුරුඳු ග්‍රෑම් 100ක් රුපියල් 350ක් විතර වෙනවා. අනික කුරුඳුවල තියෙන ඖෂධිය ගුණය ගැන ඇහුවොත් ගෙවත්තේ කුරුඳු පැළයක් හිටවන්න ඔබ දෙපාරක් හිතන එකක් නෑ.
සොඳුරු ලෙස හැඩ වී උත්සව අවස්ථාවකට යන්නයි තරුණ ඔබේ කැමැත්ත. ඒ සඳහා ඔබේම අතින් මැසූ ඇඳුමකින් හැඩවෙන්නට හැකි නම් අගෙයි නේද? අද අප ඔබට ඒ අවස්ථාව උදා කර දෙමින් මේ ලස්සන ඇඳුම මසාගන්නා ආකාරය මෙලෙස ගෙන එනවා.
'සිලෝන් ක්‍රීපර්', 'හවුස් ප්ලාන්ට්', 'අයිව් එරම්' ආදී විවිධ නම්වලින් හඳුන්වන 'මනි ප්ලාන්ට්' නම් මේ මනරම් වැල් විශේෂය අපේ රටේ බහුලව දක්නට ලැබෙනවා. නිවෙස සුන්දරව හැඩකරගන්න හිතන ඔබට මනි ප්ලාන්ට් වැල්වලින් විවිධ නිර්මාණ කළ හැකියි. නිවෙස ඇතුළතට කලඑළියක් කැඳවාගෙන ආ හැකි එවැනි ලස්සන නිර්මාණ කිහිපයකුයි ඔබ මේ දකින්නේ.
Page 10 of 25