Friday, March 29, 2024
Follow Us
කවුද අනේ මේ ඩොලර් ගේන රජ්ජුරුවෝ?

ආදායම් හොයන්න ගම්මිරිස් වවන්න

ගෙවී යන කාලයේ අපි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් හිඳින්නෙමු. මේ අර්බුදය කවුරුන් හෝ විසඳන තෙක් බලා සිටියහොත් අපිට හැමදාමත් අර්බුදය මැදම ඉතා දුකසේ ජීවත් වන්නට සිදුවේවි. ඒ නිසා මෙයින් ගොඩ එන්නට අපිට ද හැකි ලෙස දායක වීමට අදිටන් කරගනිමු. එය රටේ හෙට දවස මෙන්ම අපේ දරුවන්ගේ හෙට දවස ද යහපත් කරනු ඇත. ඒ වෙනුවෙන් විදේශ විනිමය හොයන ආර්ථික භෝග වගාවකට මෙලස පිවිසෙමු.

 

නමට කියන්නේ කුළුබඩු රජ්ජුරුවෝ කියලා. ඒ තමයි කුස්සියට නැතුවම බැරි දෙයක් වූ ගම්මිරිස්. ගෙවත්තක හදනවා නම් ගම්මිරිස් ලංකාවේ ඕනෑම පළාතක හදා කියාගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. හැබැයි පැළ විශාල ප්‍රමාණයක් ඒ කියන්නේ වාණිජ වගාවක් කරනවා නම් තෙත් කලාපෙ හරි අන්තර් කලාපෙ හරි අඩි 3000 කට අඩු ප්‍රදේශයක් වුණොත් වඩා හොඳයි.

ඔබ දන්නවා ද? ගම්මිරිස් සඳහා අපිට අවුරුද්දකට මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 3 ක ඉල්ලුමක් මුළු ලෝකෙන්ම තියෙන බව. ඇස්වහක් කටවහක් නැහැ. එයින් 5% ප්‍රමාණයක් දැනටම අපි හදනවා. තව පොඩ්ඩක් මහන්සි වුණොත් ඒ ප්‍රමාණය තවත් 2% කින් වැඩි කරගන්න අපට පුළුවන්. ඒ කියන්නේ 7%ක් දක්වා වැඩි කරගන්න එක ඒ හැටි අමාරු දෙයක් නෙවෙයි. ඔබත් ටිකක් මහන්සි වුණොත් රටටයි ඔබටයි දෙගොල්ලන්ටම ලොකු අදායමක් හොයා ගන්න පුළුවන්.

 

කොහොමද ගම්මිරිස් වගා කරන්නේ?

මෙන්න ඒ සාස්තරේ. ඔබේ වත්තට යන්න. හොඳට හිරු එළිය වැටෙන තැනක් තෝරාගන්න. හැබැයි පසේ වතුර රැඳෙන තුනක් වෙන්න බෑ. මඩ ගතිය, ගල් බොරළු වගේ දේවල් තියෙන්නත් හොඳ නෑ. බොහොම සාමාන්‍ය පසක් ගම්මිරිස්වලට හොඳයි. වත්තේ තියෙන ගිනිසීරිය ගහ දන්නවා නේද? සමහරු මේකට නංචි කියනවා. මාතර ඇත්තෝ නම් කියන්නේ මකුලත කියලා. ගොඩක් අය ඇල්බිසියා කියලත් කියනවා. කොයි නමින්

 

හැඳින් වූවත් ගහ එකයි. ඒ ගහෙන් අඟලක් මහත අඩි 8 ක් දිග කෝටුවක් කපාගන්න. ඊළඟට අඩි 7 ක් පොළවෙන් ඉහළට සිටින සේ මේ කෝටුව සිටුවන්න. එම කෝටුවට අඟල් 2 ක් 3 ක් දුරින් අඩි 1 1/2 ක් දිග 1 1/2 පළල අඩි 1 1/2 උස වළක් කපාගන්න. හොඳට මතක තියාගන්න. වළ කපා ගන්න කොට ඒකෙ පස් ටික පැත්තකින් තියාගන්න. ඊට පස්සේ කොම්පෝස්ට් හා පැත්තකින් තියපු මතුපිට පස් ටික හොඳට කලවම් කරලා වළ හොඳට පුරවගන්න. එප්පාවල පොස්පේට් ග්‍රෑම් 100ක් වළට දාන්න ඇත්නම් වඩාත් හොඳයි. ඒක නැතත් කමක් නැහැ.

 

සාත්තුව මෙහෙමයි

දැන් රූප සටහනේ පෙන්වා ඇති විදියට ගම්මිරිස් පැළය කෝටුවට ටිකක් ඇල කරලා සිටුවන්න. දැන් පැලය ආසන්නයට හොඳට පස් ළංකරලා හොඳින් ශක්තිමත්ව පැළය සකස් කරගන්න. පැළය ඉන්දුවට පස්සේ කොළ අතු දෙකක් පාවිච්චි කර ආවාරණයක් දෙන්න. නැත්තම් අව්වට වේළිලා යාවි. පැළයේ මුල් ආසන්නයට කොහුබත්, දිරාගිය කොළරොඩු වාගේ දේවල් ළං කරන්න බලන්න. එතකොට පසේ තෙතමනය රැකේවි.

ඔබ පැළය හිටෙවුවට පස්සේ ආධාරක ලීයට සවි කරලා පුංචි ගැටයක් දාන්න. හැබැයි පැළයට හානිවන විදියට ගැටය අනවශ්‍ය ලෙස තද කරන්න එපා. කෙසෙල් ගස්වල පට්ට වගේ ස්වාභාවික දෙයක් ගැට ගැසීම සඳහා

හොඳටම ගැළපෙනවා. අවශ්‍යතාව බලලා වතුර දාන්න.

 

කොහොමද පැළ හොයාගන්නේ?

දැන් ගැටලුව ගම්මිරිස් පැළයක් හොයා ගන්නේ කොහොමද කියලානේ. ඔබේ ප්‍රදේශයේ තියන අපනයන කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ කාර්යාලයක් මඟින් විමසන්න. පහසුවෙන් ගම්මිරිස් පැළයක් ලබාගන්න පුළුවන්. නැත්නම් ගොඩක් තවාන්වල ගම්මිරිස් පැළ තියෙනවා. රජයේ සහතික මිල රු 30.00 ක්.

අලුත් පැළය සිටුවා පුරුක් 10ක් යනකම් අතු බෙදුණේ නැත්නම් පැළයේ පාමුල ඉඳලා අඟල් 3ක් පමණ උසින් කපන්න.

වැලට සාස්තු කරන අතරේ ආධාරක ගිනිසීරියා කෝටුව ගැනත් සැලකිල්ලක් දක්වන්න අමතක කරන්න එපා. දැන් එයාත් වැඩෙනවානේ. ඒකට අඩි 10ක් විතර වැඩෙන්න ඉඩ දෙන්න. දෙ පැත්තේ එන අතුරිකිලි කපලා දාන්න. අඩි 10ක් විතර වර්ධනය වුණාට පස්සේ රිකිලි 2 ක් වර්ධනය වෙන්න තියලා ඉතිරි ඒවා කලින් වගේම කපලා අයින් කරන්න. ඔබේ ගෙවත්තේ වවන ගම්මිරිස් පැළයට රසායනික පොහොර අවශ්‍යම නෑ. දිරාගිය කොළ රොඩු, කොම්පෝස්ට්, ගිනිසීරියා කොළ පොහොර විදියට හොඳටම ප්‍රමාණවත්. රසායනික පොහොර දානවා නම් වසරකට කිලෝ 10ක් විතර වරින් වර දන්න ඕනේ. නිතරම නැතත් ඉදහිටලා ගිහින් ගම්මිරිස් පැළේ ගැන හොයලා බලන්න. ගහක් වුණත් ආදරයට හුඟක් කැමැතියි. ආදරේන් සැලකුවොත් එයා ඔබට ආදරණීය අස්වැනක් ලබා දේවි.

 

වැඩි විස්තර දැනගන්න 011 2877841 අංකයට කතා කරන්න. නැත්නම් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ýn‰‰³¨¨l‰‰ ලිපිනයට ලියන්න.

ඉදිරිපත් කිරීම

රන්සිලු වටවල

අධ්‍යක්ෂ සංවර්ධන,

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය

Tharunie