Monday, February 16, 2026
Follow Us
දිය මත රඟන හංසයා

සොඳුරු දසුනක සුන්දරත්වය කියන ජල තලයක් මත පාවෙමින් හිඳින හංසයෙකි. බිත්ති සැරසිල්ලක් ලෙස නිමවා ගන්නට මෙය කදිමයි නේද?

අවශ්‍ය ද්‍රව්‍ය

 

අඟලට කොටු 10ක්, 11ක්

හෝ 14ක් ඇති ළා නිල්

පැහැති අයිඩා රෙදි

නොම්බර 24 සිට නොම්බර

26 දක්වා ටැපැස්ට්‍රි ඉඳිකටු

අවශ්‍ය වර්ණවල කපු කැරැලි

නූල්

රාමුව, කතුර

 

නිර්මාණය කිරීම

රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව මසන නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. මේ නිර්මාණය අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්දේ මසන්නේ නම් සෙන්ටිමීටර් 35.20x27.94 කි. අඟලට කොටු 11ක් හෝ 10ක් ඇති රෙද්දේ මසන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ. රාමුකර ගැනීමට වටේට ඉඩ තබා රෙදි කොටස කපාගන්න. නිර්මාණයේ හරි මැද සිට හෝ කොටු ගණන් කරමින් මුල සිට මැසීම අරඹන්න.

රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14ක් නම් නූල් පොටවල් 4ක් සෑහේ. අඟලට කොටු 11ක් හෝ 10ක් නම් නම් නූල් පොටවල් 6 ම භාවිත කරන්න. මෙහි සම්පූර්ණ කතිර මැස්මෙන් මෙන්ම භාග කතිර මැස්මෙන් මසන ඒවා ද ඇත. ඒ සඳහා අදාළ වර්ණ සංකේත ලබා දී තිබේ. රේඛා මඟින් දැක්වෙන ඒවා අදාළ වර්ණ භාවිතකර ආපසු මැස්මෙන් මසාගන්න.

මේ කතිර රටාවට අදාළ දළ සටහනේ පළමු කොටස 2, 15 පිටුවල දක්වා ඇත.

Tharunie