Saturday, February 14, 2026
Follow Us
Poems
අරුණෝදයක පැහැබර බව උරා බිබී
මිහිදුම් වලා පෙළ රජ වී බලා සිටී
සීතල සුළං රැල්ලෙහි ඇති සොබාගතී
සඟවා රුක් ගොමුත් ගුලි වී නිදිය ගර්
සූරිය මඩල වෙනදා මෙන් නැගෙනහිර
 
සමනල කන්ද අද මගහැර ගොසින් වද
අළු පැහැ උදාවක වැහිබර බුරුල්ලක
පිනි බිඳු එරී පුබ්බරු වී බලන් ඇත
දුම්බර වලා ගුලි ගුලි වී වෙල මත්තේ
පෙම්බර සිනාවක පැටලීගෙන ඇත්තේ
ඈතින් ඇසෙන බට්ටිචි තාලම් හඬ රොත්තේ
හොරණෑ පිඹින පළඟටියන් තව අඩු නැත්තේ
 
පිනි බිඳු පලස් අතුරා තණපිටිය මත
වයිරෝඩියක කුඩු පිඹලා වගේ ඇත
ඉඳහිට තැනක මකුණෙකුගේ දැලක් මත
මණිමේකලාවක පැහැබර සිරිය ඇත
 
කිරලෙකුගේ හඬට මුහුවුණු අළු කොබෝ හඬ
පරදා මොනර නද හඬ දෙයි දුර ඈත සිට
කවුඩෙකු සමග දොඩමළුවන කවුඩියකගේනද
පුබුදයි මේ උදෙත් රස අනුරාගයක හැඩ
මහ රෑ වැටුණු මහ වැස්සෙන් විඩාවුණ
 
අඹ දළු තුරුළු වී තවමත් නිදාගෙන
කුමට ද ඇහැරවන්නේ යැයි කියාගෙන
සීතල සුළං එයි පොළොවම බදාගෙන
සීතල කපුරු මලකින් රොන් ගන්න උරා
රුං රුං කියා බඹරුන් එයි අලස මරා
උණුහුම සිසිල කැටි උණු මී වද පොකුරු පුරා
රැස් වුණු පැණි බිඳෙත් දුන්නෙම ආදරය කිරා
 
සිරිසර සොබා දහමක අම ගුල් මත්තේ
වෑහෙන අමා ගඟුලක කිමිදිය යුත්තේ
පෑරෙන රිදෙන කඳුලැලි දුක් ගිනි මත්තේ
කුමට ද තවත් ඉපිලීගෙන පිහිනිය යුත්තේ
 
-නිහාල් සෙනරත්
Poems
පන්තියෙ මිස් දුන්නු කොළයට
අඩුම රෙද්දක් පෙන්නුවා
මැගී නැන්දත් මහල දුන්නට
පස්සෙ සල්ලිත් ඉල්ලුවා

Poems
" යමං අපෙ දිහා "කියා ඇවිදින්
එක්ක ගියෙ මේ මිනිහා අහලා
පස්සෙ ලිස්සලා ගියෙ හෙව්වට
මදිය දැල් දහසකුත් යොදලා

Poems
නුඹට පෙම්කල නොදුටු හදවත සඟවගෙන මා සන් තකේ
අලුත් දිවියට අරුත් සොයමින් ආවෙ නුපුරුදු මං පෙතේ
දිනක් සිහිනෙන් දුටුව රූපය ඇන්ඳා සුරතින් අත් පොතේ

Poems
හිරු නැගී යළිත් සැඟව යයි...
දිනක ආරම්භය සේම
නිමාව ....

Poems
 
පිරිමින්ට වින කරන
ඒ මමයි මෝහිනී
මටත් පෙර බවයකදි

Poems
දෙණුවන බැඳුණු මොහොතක් ළඟ
හදවතේ පතුලට කිමිදෙමින්
ඔබ ලංකර ගැනීමට වෙර දැරූ හිත
කොහේදෝ අතරමං වුනා.

Poems
අම්මනම් කිව්ව මට
ආදරෙන් පිරිච්චි
මගෙ දුවේ ඕකනන්,
කරුමයකි මුරිච්චි

Poems
පාලු කතරක අතරමං වුණු
සොයාගනු බැරි සිතාගනු බැරි
සෙනෙහසක් නෑ කියා විදවන
තනිකමට කර ගැහුව සමහරු
සොයන්නෙම ආදරේ

Poems
ට්රිලියන ගනන් තරු අතර
පහන් තරුවම
සැකහැර
දනිමි,,,

Poems
අයිතිවාසිකම් නොකියමි නුබට
අයිතියක් නැතිවම වුව
ආදරේ කල නොහැකිද මට ...

Poems
හද පිරෙන්නම තිබුන ප්රේමය පෙර දිනක...
යටපත් කලා නුඹ විහින්ම...
මේ මොහොතවන තුරුම

Poems
මට හෑල්ලක් ලියන්න ඕනේ
වෙන කවුරුත් ගැන නෙවෙයි උඹ ගැන
ආරම්භය මාර ලස්සනයි
ආරම්භය....ඒක විතරක් තිබ්බම ඇති.........

Poems
ඉවසුමක් නැති මගේ තීරණ,
සුසුමකින් පවා විමසන නුඹ,
බොහෝ විට ඉවසන්න ඇති..

Poems
තනිව ලෝකෙට එනවනම්
තනිව ලෝකෙන් යනවනම්
ඉන්න විතරක් කුමට පිරිසක්
එපා ඒ ගැන හිතනුනම්....

Poems

යලිදු..තටු..ලැබ ගන්න

මග හැරැනු..සැනසුමට
ආයේමත්..පියඹන්න.......

Poems
හරිද පත්තිනී ....(මාධවී ලියයි)
 
කපා තනයක් දනන් මරවා
අලු කරත් පඩි පුරයම
කන්නගී නුඹ දිනුව හිතුවත්
ඒ තමයි ලොව පැරදුම

Poems
නොදන්නා මුත් හමුවීම් අද්දර,
මිනිස්සූ අත් බැදන් දුවනවා,
එහෙම තැන් වල නුඹ වගෙ උන්,
ඇවිත් ජීවිතේ ලියනවා..