දෙණුවන බැඳුණු මොහොතක් ළඟ
හදවතේ පතුලට කිමිදෙමින්
ඔබ ලංකර ගැනීමට වෙර දැරූ හිත
සෙනෙහස වෑහෙයි.
හද ගැඹුරු නිහඬතාවක සිටී.
අඳුරු සිතුවමක රූ රටා මවමින්
දෙසිතම කළඹන
තෙරක් නොපෙනෙන
මග හැරදා යන
සෝ සුසුමන් නැගෙයි.
සෙවණැළි මත පැටලෙන
මතක අතරේ
අතරමං වන්නට එපා.
හිතන්නටවත් දෙයක් ඉතිරි කර
මෙලෙසම යන්නම්.
 
     