Thursday, January 22, 2026
Follow Us
වරාමල් තුත්තිරි මල් පාවුණා

කඩුපුල් රෑට තනි වුණ
ලිලී ඇන්තූරියම් වෙඩින් වල පරවුණා

කරපු පවක් හින්දදො කිඩාරම් ගඳවුණා.....

මල් වත්තෙ කපුරු මල් ඇති තරම්
සමහර ඩේලියා වල පාට කවලම්
රෝස මලටයි ආදරේ අයිතිය
ඒව පින් කරල ඒ තර්ම්

නියගලා මල් බාදුරා මල්
මිනී මල්, මල් වත්තෙ නෑ බං.....

සුදු කියන්නෙත් පාටක්ද කියල
ඩේලියා පිච්ච මලෙන් අහනව ඇති
දහස්පෙතියා මල පිච්ච මලට
හිනා වෙනව ඇති

කොහොම වුනත් සල් මලේ හැඩය ගැන
අමරලට මතක ඇති .....

රොබරෝසියා මල් ගොඩක් සුවද ගහනවලු
කානේෂන් මෙහෙ තීනව ඒව විකුණන්නෙ නෑලු
ඔයා දැකල තීනවද මදාරා මල් පරසතු මල්
ඒව පිපෙන්නෙ දිව්‍ය ලෝකෙලු.....

ඒෂාන් නදීක