Sunday, December 14, 2025
Follow Us
නොබැන්දත් එදිනේ කිසී
දහස් ගනනින් එහා
පැතූ පැතුමන් පොදී
බොහෝකල් පෙමින් බැද
තුටින් උන්නා සැදී
තොරන් බැද මාල හත
නොබැන්දත් එදිනේ කිසී
සද පානේ වහන් වී
ගියේ පෙම නිසාමයි අපී........
කොහේ යන්නද කියා
දෑස් ආලයෙන් වසන් වී
නමුදු බොහෝ දුරකට වෙලා
පැලක් තැනුවා මහන්සීවී
දෙන්නා එක්කලා හරි
තුටින් සිටියේ හරි ටිකයි ලංවී
අනේ දෙවියනි නුඹ
ඩැහැගත්තේ මගේ සදසාවී......
සිහිනෙකින් වත් කිසිත්
නොසිතනා යාමයේ
වෙර වීරීය යොදා
දැනුයි ජීවිතේ ඇරඹුම් කලේ
තැබූ පියවර එතැන
එරී හැම බොද වුනේ
පෙර කරපු පවකටද
මා මෙසේ තනි උනේ....
නුඹ කොහේ ඉපදුනත්
සතුටි සැපෙන් හිදීවා
මෙවන් විපතක් කිසිත්
කිසි කලක නොවේවා
යලි දිනෙක බව සසරේ
හමු වෙන්න ලැබේවා
ඒ දිනය එනකල්ම
නුඹ මගේ සිතේ රැදේවා...
 
෴නිසි