Monday, June 22, 2026
Follow Us
ජීවිතේ දුෂ්කර ම කාර්තුවල
ජීවිතේ දුෂ්කර ම කාර්තුවල
අතු විහිදා හරි තදට
අහසේ වෙනස්වීම්
පොලවෙ හැල හැප්පිලි
දරන් ඉන්න ගහක්
වසන්තය පැමිණි
කාර්තුවේදී.....
මල් පිපී හරි හැඩට
හිනහේවි මහ හුගක්......
හරියට,
බෝම්බ ගහපු හිරෝෂීමාවේ
සකුරාමල් හරි හැඩට
පිපුණා වගේ.......
 
- ආශනී ජයසුන්දර