Thursday, November 13, 2025
Follow Us
සිහින සිත්තම්
නුඹට පෙම්කල නොදුටු හදවත සඟවගෙන මා සන් තකේ
අලුත් දිවියට අරුත් සොයමින් ආවෙ නුපුරුදු මං පෙතේ
දිනක් සිහිනෙන් දුටුව රූපය ඇන්ඳා සුරතින් අත් පොතේ

 

අදත් සිතමින් අහස බැලුවේ සැබෑවක් ඇඳුනද හිතේ
..............................
සිතේ මවාගෙන නොයෙක් සිතුවම් පාට කරමින් රුව ඇඳපූ
නැතේ තවමත් ඉවර කරලා ආදරෙන් අදටත් රැකපූ
තවත් දිනයක හොරෙන් දුටුවා පුංචි ඇස් දෙක මට රවපූ
පාට තැවරුනු සිහින කුමටද සැබෑ නොවෙනා බව දැකපූ
...............................
සිහින දකින සැම රෑකම සිතට වහල් වෙලා
වසින සැස්සෙ සීතලයට නුඹට තුරුළු වෙලා
හැගෙන සිතුම්
ඇඳෙන කොටම අඳුරට පත් වෙලා
ඇසෙන සද්ද බලන විටදි හොඳටම එළි වෙලා
...............................
සිත්තම් බොඳ කරයි සිත තුළ ඇඳෙන කොට
විස්කම් විලස පහවී යයි දකින කොට
පස්කම් සැපට ප්රේමයෙ වැට හරස් කොට
නැත්නම් අගෙයි රෑ සිහිනෙන් දකින කොට
..............................
ආලය මෙලෙස රිදවන විට හැම තිස්සේ
කාලය ගෙවී යයි නොතෙමී පෙම් වැස්සේ
තාලය බිඳී සැඟවී හදවත ගැස්සේ
මාලය කාට පළදින්නද මින් පස්සේ
 
-ජයන්ත දිසානායක