බැතිබර හද දෙවොලේ
පූජාසනයේ මුල්තැනයි
කිළුටක් නැති
නුඹට පිදු මගෙ ප්‍රේමේ
දැනුනෙ නැතිමුත් හැමදාක....
අවතැන් වූ ගොළු බිහිරන් සේ
දෙදෙනා දෙතැනක නොහඳුනනා ලෙස වෙන්වී
තනිව හඬයි සිත හැමදාක....
ආගිය තැන් නිසොල්මනේ
තවමත් මතකයන් ඇතේ
අප පමණයි නැත්තේ එහි
කඩතොලු වූ සිත තවමත් නුඹ මත්තෙ
නුඹට ආදරෙයි හැමදාක.........
-අරෝෂා දමයන්ති