නොකල වරඳට ලැබෙන දඬුවම්
විඳින ජීවිත රහසෙ හඬනා තරම්
දන්නෙ නැහැ කිසිවෙකුත් කිසිවිට
දෑසෙ සැඟවුනු කඳුලැලි තරම්.......
දැනෙන තරමට දුක තමන්ටම
තිබුන පලියට වදන් මුවහතට
සිඳුරුකල හැකිද පපුවක් වැරෙන්..............
කළ හතක් පුරවා සුදු කිරෙන්
සතුටු වීනම් ඒ දෙසබලා
බිඳක් මුසුවුනිනම් වසුරු
ඵලක් ඇතිවේද දොවාලු ඒ කිරෙන්
අපතෙ නොයවා එහි රස බලා....
බිඳෙනවිට වීදුරු ඇසෙනමුත් එහි ශබ්දය
නිහඬවම කැබලි විය හදවත් ඕනෑතරම් ..........
වදන් එකිනෙක ගලපගන්නට
හැකියි සැමටම සිතූ විලසින්
මුදාහැරිය යුතු පිළිවෙත නොදනි
තවකෙකුට හිත නොරිදෙනා විලසින්.....
කුහක හා වෛරීය සිතුවිලි
තම හදෙන් මියෙනා තුරාවට
පෙනුනෙ හා දැනුනෙ බොහෝවිට
අනෙක ගැන සැකයෙන් හා බියෙන්........
**අරෝෂා දමයන්ති **