ලේසියෙන් අතහරින්නෙ නෑ .
නිය සිලක ,
රෝම කූපයක ,
සිතුවිල්ලක ,
තරම් හේතුවක් හොයනවා රැඳෙන්න.
ඒ මත ස්තාපිත කරනවා තමන්ගෙ විශ්වාසය. අන්ධ භක්තියේ දෙවොල.පිවිතුරු පුදසුන.
ගැහැණියක්
ලේසියෙන් බිඳෙන්නෙ නෑ .
ඇහිඳගෙන,
ගලපගෙන,
රවටගෙන,
අටව ගන්නවා හුස්ම .
වෙච්ච දේ ආයෙ නොවෙන ගානට
තරවටු කරන්නෙ තමන්ට .
පරිස්සම් කරනවා හීන. අනුන්ගේ හීන.
ගැහැණියක්
ලේසියෙන් නිහඬ වෙන්නෙ නෑ .
වචන පලක් නැති වුණාම .
කඳුළු ගැනත් දුක හිතුනම ,
බලාපොරොත්තු ගැන
බලාපොරොත්තු නැති වුණාම.
නවතිනවා අංගුලිමාල වගේ.
ගෙල සිඳිනවා අතීතයේ .
මළකඳන් බර අතහැර ,
කසළසෝදක තනතුර මගහැර
හරිනවා දොර හදවතේ ...
හිනාවෙනවා ....
සුනීත සෝපාක වගේ ...
රාගයෙන් මත් වෙච්ච පටාචාරා වගේ ...
දරුවන්ට හුස්ම හෙව්ව කිසාගෝතමී වගේ...
ශරීරය දංදුන්න අම්බපාලිය වගේ ...
විසෙන්
විස නසා
සිහිනයෙන් අවදි වෙනවා...
සුනුවිසුණු වෙච්චි කෙනෙක් තමයි
ලෝකය අර්ථ ශුන්ය බව දකින්නෙ.
තමන් පැත්තට හැරිලා ප්රශ්න කරන්නෙ.
සමස්ථයම පූජාසනය මත තබන්නෙ.
... ශ්රීමතී වල්පොල...