Monday, February 02, 2026
Follow Us
ඔයා ගිහින් ගොඩක් කල් උනාට
ඔයා ගිහින් ගොඩක් කල් උනාට
ඒක එහෙම දැනෙන්නෙම නෑ
කවියක කතාවක සිංදුවක හන්දියක ඔයා
එකම එක පාරක් මට වැලදගන්න ආසයි .....

 

ඔයා බදාගෙන ඇති තරම් අඩන්න ඕනේ
මිස් වෙච්ච කතා ඔක්කොම කියන්න ඕනේ
ඔයා නැතිකාලේ හරි අමාරුයි කියන්න ඕනේ
ඒ අතර මැද දී මූන ටිකක් ඉඹින්නත් ඕනේ.....
ඔයා හිතුවා හරි මට තේරෙන්නේ නැතුව ඇති
මං සමහර විට ඔයාගේ නොවෙන්නත් ඇති
ඒත් දරාගන්න අමාරු වෙලාවල් වල ඉන්න
කලුපාට කෝපි එකක් ආයේ අපි යා කරයි.....
මට ජීවිතේ හෙට කියලා දවසක් ආයේ නෑ
ඒත් සමහර දවස්වල ඔයා ඕනේම වෙයි
මහන්සි දවස් කොහොම හරි හෙමීට නිවන්න
අමාරු උනත් ආයේ තුරුල් වෙලා හිනාවෙන්න...
 
නිර්වාණ...