Saturday, May 16, 2026
Follow Us
හේතුව සේයාව ..
ඇසට රූපයක්
පෙනෙනා මායාව ...
සිතට සිතන්නට
හේතුව සේයාව ..
.
රසට ගෙතෙනවා
සසරට දෝලාව ...
කුමට අතහරිනු
මේ ටෙලි මාලාව ...
වරකට එකක් මතුවෙන
ආයතන පහෙන් ...
මිටකට අරන් පෙන්වයි
සිත සිහින හුයෙන් ...
උපතට බැඳී කවුරුත්
මරණයට බියෙන් ...
විපතට හේතු
හිත අත්හල නොහැක කයෙන් ...
රූප වේදනා
සංඥා සංකාර ...
කෝප වුණත්
"මම" වියයුතු නැත බාර ...
පාප අවිදු අඳුරේ
රඟදෙන මාර ...
දීප දැල්ලුවා
මග මොක් , බුදු වීර ...
- ශ්‍රීමතී වල්පොල