තවත් ග්‍රාම නිලධාරී වසම් 8ක් මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරෙන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
හෙට අලුයම 4.00 සිට බලපැවැත්වෙන පරිදි දිවයිනට පැමිණෙන ගුවන් මගීන් සීමා කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් තීරණය කර තිබෙනවා.
Piliyandala police area in Colombo district, seven Grama Niladhari (GN) divisions in Trincomalee, Panadura and Nuwara-Eliya have been isolated with immediate effect, the National Operation Centre for Prevention of COVID said.
අද අලුයම 4.00 සිට බලපැවැත්වෙන පරිදි දිවයිනට පැමිණෙන ගුවන් මගීන් සංඛ්‍යාව සීමා කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව එක් ගුවන් යානයකින් මෙරටට පැමිණිය හැකි උපරිම මගීන් සංඛ්‍යාව 75ක් ලෙස සීමා කර ඇති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කළේ.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්ගමේන්තුවේ මහජන සේවාවන් යළි දැනුම් දෙනතුරු අත්හිටුවීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මහජනතාව විසින් අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
කොරෝනා ආසාදිතයින් රඳවා තැබෙන අතරමැදි මධ්‍යස්ථානවල කොරෝනා ප්‍රතිකාර කටයුතු අද සිට ආරම්භ කෙරෙණවා. යුද හමුදාව මගින් පාලනය වූ නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක්ද කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන රෝහල් ලෙස මෙලෙස යොදා ගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ.
සෑම ගෙවත්තකටම කහ පැළ බඳුනක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) ආරම්භ විය.
පවතින කොවිඩ් 19 රෝග වසංගත තත්වය හමුවේ දහම් පාසල් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා නිවේදනයයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
උසස් පෙළ විභාග ප්‍රතිඵල අනිද්දා ( 5 වැනිදා) නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ‘අරුණ’ට ඊයේ ( 02 වැනිදා ) පැවසීය.
පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙන අතර සියලු දිස්ත්‍රික් කාර්යාල වල සියලුම ප්‍රායෝගික සහ ලිඛිත පරීක්ෂණ ද තාවකාලිකව අත් හිටුවීමට දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් මැයි 03 වනදා සිට මැයි 07 වනදා දක්වා අධිකරණ කටයුතු සීමා කර තිබේ.
Liquor licenses given to pubs, bars and casinos have been suspended in view of the government's decision to close these places until further notice.
බර වාහන රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අදාල පුද්ගලයා මාසයක් ඇතුලත මත්ද්‍රව්‍ය භාවිතා කර ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ ඉදිරි සති කිහිපයේදී ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දැනට වසා දමා තිබෙනවා.
පාසල් වසා තැබීමට තවදුරටත් දීර්ඝ කරමින්, ලබන මැයි මස 7 වැනිදා දක්වා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පියවර ගෙන තිබේ.
The attention of the government has been drawn to introduce a pension scheme and a Social Security Fund for the private sector employees, Labour Minister Nimal Siripala De Silva said.
රට තුල ඉන්ධන හිගයක් ඇති විය හැකි බවට පැතිරෙන කටකථා පදනම් විරහිත බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. රට තුළ පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් තමන් දෛනිකව තොරතුරු සොයා බලන බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ.
The Government of Sri Lanka has adopted balanced policies that promote the sustainability of biodiversity, forest cover, waterways and oceanic resources alongside the socioeconomic requirements of the citizens, President Gotabaya Rajapaksa said.
Page 362 of 641