Friday, April 26, 2024
Follow Us
කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් තීරණ කිහිපයකට එළඹෙයි

කොවිඩ් ආසාදිත පුද්ගලයන් ඔවුන් පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථානවලට සහ අතරමැදි මධ්‍යස්ථානවලට යොමු කරමින් අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය මේබව සඳහන් කර ඇත.

යම් පුද්ගලයකු ආසදිතයකු බවට පත්වුව හොත් ඔහුගේ පවුල්වලට බලපාන දැඩි මානසික පීඩනය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුව එම තීරණය ගෙන ඇත.

මීට අමතරව පහත තිබෙන කරණා ද තීරණය කර තිබේ :-

*දැනට සෞඛ්‍ය අමාත්‍යංශයට අමතරව විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන විසින් ඉදිකරමින් යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමටත්, වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් ලබාදීම.

*වැඩිපුර සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිටින රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථානවලින් මෙම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට කාර්ය මණ්ඩල යොමුකිරීම.

*දෙවන එන්නත් මාත්‍රාව ලබාදීමට අවශ්‍ය එන්නත් තොග ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කිරීම.

*කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට සිදු කරන පී.සී.ආර් පරීක්ෂණවලට සමගාමීව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වැඩි වශයෙන් ක්ෂේත්‍රයේ දී සිදුකිරීම.

කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධව ක්ෂණික තීරණ ගැනීම සඳහා වන කොවිඩ් – 19 විශේෂ ක්‍රියාකාරී කාර්යය සාධන කමිටුව අද (17) රැස්වී එම තීරණ ගෙන ඇත.

(Aruna)