පී.සී.ආර්. පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිත බවට හඳුනා ගන්නා, එහෙත් රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගීන් ඔවුන්ගේ නිවෙස් තුළ ම රඳවා ප්‍රතිකාර කිරීමට තීරණය කර ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
ඒ අනුව, එම ක්‍රමවේදය එළඹෙන සඳුදා (මැයි 17) සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරිය සඳහන් කළා ය.
ඔවුන් යම්කිසි හෝ සංකූලතාවයකින් පෙළෙන්නේ නම් එවැනි පුද්ගලයින්ව රෝහල්ගත කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
(Aruna)