Monday, January 19, 2026
Follow Us
පාස්කු පරීක්ෂණ පිළිබඳව නීතිපති පොලිස්පතිට ලිපියක්‌ යොමුකරයි

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණපිළිබඳව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනීය වන රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කරන්නේ, එම ලිපිය මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවෙන සැකකරුවන් 42කට එරෙහිව ඇති සාක්ෂි සම්බන්ධයෙන් ලිඛිතව තහවුරු කරන ලෙස ඉල්ලා තිබෙන බවයි.

තවද තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින්නේ ද පිළිබඳවත් නීතිපතිවරයා ඉන් වැඩිදුරටත් විමසා තිබේ. මීට හේතු වශයෙන් පෙන්වා දී තිබෙන්නේ සැකකරුවන් 5 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකර තිබෙන පරීක්ෂණ අසම්පුර්ණ බවයි.

(Aruna)