Monday, January 19, 2026
Follow Us
අවුරුදු 15ට වැඩි ළමුන්ට කොරෝනා මර්දන එන්නත දෙන්න අවධානය

වයස අවුරුදු 15 ට වැඩි පිරිසට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. නෙත් නිවුස් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ලෝකය භාවිත කරන ප්‍රධාන පෙළේ එන්නත් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී මෙරටට ලැබීමෙන් පසු එම වැඩපිළිවෙළ ආරම්භ වනු ඇති බවයි.

ඉදිරියේදී මෙරටට ගෙන ඒමට අපේක්ෂිත එන්නත් සහ ලැබීමට නියමිත එන්නත් මාත්‍රා සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කෙරුණා.

බස්නාහිර පළාතෙන් පසු මහනුවර, කුරුණෑගල හා රත්නපුර දිස්ත්‍රික්කවල කොරෝනා මර්දන එන්නත් ලබාදීමට අපේක්ෂිත බවත් එන්නත් ලැබෙන පරිදි සෙසු දිස්ත්‍රික්කවලට ද එන්නත් ලබාදෙන බවත් ඊයේ ප්‍රකාශ කෙරුණා.

(Neth)