Monday, January 19, 2026
Follow Us
විදෙස් සංචාරකයන්ට සංචරණ සීමා අදාල නෑ

ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින සංචාරකයන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සංචරණය කළහැකි බව සංචාරක අමාත්‍යංශය පවසනවා. දිස්ත්‍රික් හා පළාත් අතර සංචරණ සීමා ඔවුන්ට අදාල නොවන බවයි අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කර ඇති අතර ඒ අනුව විදෙස් සංචාරකයන්ට කිසිදු බාධාවකින් තොරව ගමන් කිරීමේ අවස්ථාව ලබා දී ඇති බවයි සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ස ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසන්නේ.

(LNW)