Monday, January 19, 2026
Follow Us
වෙසක් සැරසිලි වලට පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතා කරන්න එපා

මෙවර වෙසක් උත්සවයේදී ප්ලාස්ටික් හා පොලිතීන් වලින් නිමවන ලද වෙසක් සැරසිලි භාවිතා නොකරන්නැයි පරිසර අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පරිසරයට මුදා හැරෙන පොලිතින් සහ ප්ලාස්ටික් හේතුවෙන් සිදුවන පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යාංශය මෙම ඉල්ලීම කර තිබේ.

වාර්ෂිකව මෙරටට ආනයනය කරන පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් එක් ලක්ෂ 77,197ක් වන අතර ප්‍රතිචක්‍රියකරණය කරනු ලබන්නේ ඉන් සියයට 7.1ක් හෙවත් ටොන් 12,636ක් පමණක් බව පරිසර අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඉතිරි සියයට 92.09 ම පරිසරයට මුදා හරිනු ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.

(Aruna)