මෙරට දිනකදී සිදුකෙරෙන පී සී ආර් පරීක්‍ෂණ සංඛ්‍යාව ඉහළ දැමිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ පැවසුවේ සමාජයේ සිටින ආසාදිතයින් හදුනා ගැනීම සදහා සිදුකෙරෙන එම පරීක්‍ෂණ වැඩිකළ යුතු බවයි.
කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ධම්මික පැණිය පානය කළ තවත් පිරිසකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. කෑගල්ල මගුරුදෙනිය ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකුට වෛසරය ආසාදනය වී ඇති බව පසුගිය 06 වැනිදා තහවුරු වී තිබේ.
උසස් පෙළ විභාගය 2020ට අදාළ ප්‍රායෝයෝගික පරීක්ෂණ මේ වන විට අරඹා ඇති අතර විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අයදුම්කරුවන් සිය ප්‍රවේශ පත්‍රයේ සඳහන් මධ්‍යස්ථානයේ දීම පෙනී සිටිය යුතු බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස්, එහිදී තම හාම්පුතුන් අතින් විවිධ කරදර හා හිරිහැරවලට ලක් වූ ශ‍්‍රී ලාංකිකයන් 300 දෙනෙකු අද අලූයම දිවයිනට රැගෙන විත් තිබෙනවා.
කුරුණෑගල ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ මුම්මාන සහ වෑත්තෑව යන ග්‍රාම නිලධාරී වසම් දෙකෙහි අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් 162ක් පසුගිය 04 වැනිදා පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමුකර තිබේ. ඒ අනුව 26 දෙනෙකුටම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබේ.
A flight carrying 183 more Ukrainian tourists landed at the Mattala International airport today.
දඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගතව සිටින සියලු සිරකරුවන් ජනාධිපතිවරයා විසින් විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දිය අගලේ ආරක්ෂිත බැම්මේ විශාල කොටසක් අධික වර්ෂාව හේතුවෙන් කඩා වැටී ඇති බවත් ඒ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සියලූ අංශ දැනුවත් කර ඇති බවත් දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා සඳහන් කරයි. එය පිලිසකර කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇතැයිද ඔහු තවදුරටත් පවසා සිටී.
රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය බැංකු ත්‍රිත්වයක් ඒකාබද්ධ කර පිහිටුවීමට යෝජිත නව බැංකු සංස්ථාව ක්‍රියාත්මක කිරීමේදී එහි සේවකයන්ට විශ්‍රාම වැටුපක් හිමිවිය යුතු බව ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති විමල් චන්ද්‍රසේන පවසයි.
යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ (08) දින රාත්‍රියේ දැඩි නොසුන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
Necessary arrangements have been made to resume tuition classes from January 25, Education Minister Prof. G.L. Pieris said in Parliament today.
කොවිඩ් නව ප්‍රභේදය වරාය මාර්ගයෙන් රට තුළට ඇතුළුවීමේ හැකියාවක් නොමැති බව වරාය සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති.
බෝවෙන, බෝ නොවෙන රෝග දෙකෙන්ම බේරෙන්න ඕනේ නම් පාරම්පරික දේශීය ආහාර සංස්කෘතියකට යන්න ඕනේ. මී පැණි කියන්නේ ලෝකෙ තියෙන හොඳම ආහාරය.
The Higher Education Ministry and the University Grant Commission (UGC) are temporarily closed after having found several persons have been found infected with COVID-19 following PCR tests, Education Minister Prof. G.L. Pieris said.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසා සිටියේ කොවිඩ් 19 වයිරසය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය එම ආසාදිතයන්ට සායනික පරීක්‍ෂාව සදහා ලබාදීමට අනුමැතිය ලබා දුන් බවයි.
තාවකාලිකව අත්හිටුවා තිබූ සමථ මණ්ඩල කටයුතු යලි ඇරඹීමට තීරණය කර ඇත. මේ අනුව හෙට (09) සිට යලි ඇරඹීමට කටයුතු කර ඇති බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කරනවා.
මුතුරාජවෙල අභය භූමියේ අක්කර 700ක භූමි ප්‍රමාණයක් විනාශ කරමින් ගොල්ෆ් පිට්ටනි ඉදිකිරීමට පෞද්ගලික සමාගමක් සැරසෙනවා නම්, මෙම භූමි ප්‍රදේශ ආශ්‍රිතව ජීවනෝපාය සලසා ගන්නා පුද්ගලයන්ට හිඟමනට පැමිණීමට සිදුවන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවැසූහ.
Sri Lanka’s former Russian Ambassador,udayanga Weeratunga who has stirred controversy in recent days over his project to bring in Ukrainian tourists to Sri Lanka, yesterday slammed Chairperson of the Sri Lanka Tourism Development Authority (SLTDA) Kimarli Fernando,over her recent letter sent to Tourism Minister Prasanna Ranatunga stating the SLTDA was unaware of tourists being taken to Yala and Mirissa under the pilot project.
Page 504 of 767