Monday, September 22, 2025
Follow Us
අහඹු පරීක්ෂණ 31කින් 20කට කොරෝනා. බොරළුගොඩ BOI කලාපයේ කර්මාන්ත ශාලා 3ක් වැසේ

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් හොරණ, බොරළුගොඩ අපනයන සැකසුම් කලාපයේ පිහිටි කර්මාන්තශාලා තුනක් කොවිඩ් අවදානම හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඒ, එම කලාපයේ කර්මාන්තශාල 5කින් අහඹු ලෙස තෝරාගත් සේවකයින් 31 දෙනෙකු PCR පරීක්ෂණයට ලක්කිරීමේදී ඔවුන් අතරින් 20 දෙනෙකුම කොවිඩ් ආසාදිතයින් වශයෙන් හඳුනාගැනීම නිසාය.

ඒ අනුව ඔවුන්ගේ පළමුපෙළ ආශ්‍රිතයින් 200 දෙනෙකු පමණ PCR පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර කර්මාන්තශාලා තුනක් තාවකාලිකව වසාදමා ඇත.

(LNW)