Thursday, April 25, 2024
Follow Us
කොග්ගල නිදහස් වෙළෙද කලාපයේ ඇගලුම් කම්හල් දෙකකින් කොවිඩ් ආසාදිතයින් 22ක්

කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හල් දෙකකින් තවත් ඇගලුම් සේවක සේවිකාවන් 22 නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රමෝද සිරිවර්ධන පවසනවා.

ඊයේ රාත්‍රි ලැබුණු පි.සි.ආර් පරික්ෂණ ප්‍රථිපල මත තවත් මෙම සේවක සේවිකාවන් 22 නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවත් මේ වනවිට මෙකි ඇගලුම් කම්හල් දෙකෙන් කොරෝනා ආසාදිත රෝගින් 34 දෙනෙකු වාර්තා වි ඇති බවද ඔහු සඳහන් කර සිටියා.

එක් ඇගලුම් කම්හලකින් ආසාදිතයින් 20 දෙනෙකු හා අනික් ඇගලුම් කම්හලින් ආසාදිතයින් 02 නෙකු වාර්තා වි ඇති බව පැවසූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා මින් එක් ඇගලුම් කම්හලක සේවක සේවිකාවන් සදහා PCR පරික්ෂණ 95ක් සිදු කොට ඇති අතර අනික් ඇගලුම් කමහලේ සේවක සේවිකාවන් 100කට අධික පරිසක් පුද්ගලික රෝහලකින් පි.සි ආර් පරික්ෂණ සදහා ලක්කොට ඇති බවද ප්‍රකාශ කර සිටියා.

කොරෝනා ආසාදිත ඇගලුම් සේවක සේවිකාවන් ඉමදුව වැලිගම මාතර තිහගොඩ හික්කඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)