Tuesday, February 10, 2026
Follow Us
පුද්ගලික බස් වර්ජනය සතියකට කල්දැමේ

ජනවාරි 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබුණු පුද්ගලික බස් වර්ජනය සතියකින් කල්දැමූ බව ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

"රජය විසින් ලබාදුන් සහන අපේ ඇතැම් කණ්ඩායම්වලට ලැබුණා. නමුත් බහුතර බස්රථ 16,000කට ලැබුණේ නෑ. ලීසිං ප්‍රශ්නය සම්බන්ධයෙන් අමාත්‍යතුමා ජනාධිපති ලේකම්තුමා සමග දුරකථනයෙක් සාකච්ඡා කළා. ඒ සහනය ලබාදෙන්න පොරොන්දු වුණා. පළාත් සභා ගැටළුව ගැනත් සාකච්ඡා කළා. මේ කරුණු උඩ අපේ වර්ජනය සතියකට කල්දානවා. මේ දේවල් ඉටුවුණේ නැත්නම් අපි වර්ජනය ක්‍රියාත්මක කරනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (16) රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වා අදහස් දක්වමිනි.

(LNW)