Tuesday, February 10, 2026
Follow Us
විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටි විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින් 645 දෙනෙකු දිවයිනට පැමිණියා. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට අද අලූයම ලගා වූ විශේෂ ගුවන් යානා කිහිපයකින් එම පිරිස දිවයිනට පැමිණි බවයි යුද්ධ හමුදාව පැවසුවේ.

එලෙස පැමිණ ඇත්තේ කටාර්, සවුදි ආරාබිය, කොරියාව, ඕමානය, මාලිදිවයින සහ ඩුබායි යන රටවල රැඳී සිටි ශ‍්‍රී ලාංකිකයින් පිිරිසක්. ඔවුන් සියලූදෙනාට ගුවන් තොටුපළතුලදීම PCR පරීක්ෂණ සිදුකර තිබෙනවා.

අනතුරුව ඔවුන් ත‍්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු බවයි යුද්ධ හමුදාව වැඩිදුරටත් පැවසුවේ.

(Neth)