Tuesday, February 10, 2026
Follow Us
නිවෙස් නිරෝධායනය කඩ කරන්නන් සොයා අද සිට මෙහෙයුමක්

නිවෙස් නිරෝධායන රීති කඩකරන පුද්ගලයින් සොයා අද සිට විශේෂ මෙහෙයුමක් කි‍්‍රයාත්මක බව පොලිසිය පවසනවා. ඒ සදහා සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් යොමු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු නොකල බස්නාහිර පළාතේ තවත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 213ක් ඊයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදි හදුනාගෙන තිබෙනවා. ඉදිරියේදී එම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප‍්‍රධානීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

(Neth)