Tuesday, February 10, 2026
Follow Us
තවත් ප්‍රදේශ කිහිපයක් හෙට සිට හුදෙකලාභාවයෙන් ඉවතට

කොවිඩ් අවදානම හේතුවෙන් හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක එම තත්වය ඉවත් කර සාමාන්‍ය තත්වයට පත් කිරීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණය හෙට උදෑසන සිට ක්‍රියාත්මක වේ.

මෙසේ හුදෙකලාභාවය ඉවත් කර තිබෙන්නේ ඇහැලියගොඩ, පානදුර, බේරුවල යන පොලිස් වසම්වලට අයත් ග්‍රාම නිළධාරී වසම් කිහිපයකි.

ඒ අනුව ඇහැලියගොඩ පොලිස් වසමට අයත් මින්නාන, බෝපත්ඇල්ල, විලේගොඩ, අස්ගඟුල, යකුදාගොඩ යන ග්‍රාම නිලධාරී වසම්වල හුදෙකලා තත්වය ඉවත් කර තිබේ. පානදුර පොලිස් වසමට අයත් තොටවත්ත ග්‍රාම නිළධාරී වසම හා බේරුවල පොලිස් වසමේ මග්ගොන නැගෙනහිර සහ මග්ගොන බටහිර යන ග්‍රාම නිළධාරී වසම් හුදෙකලාභාවයෙන් නිදහස් කර තිබේ.

(LNW)