කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයෙන් දින 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 224 දෙනකු වාර්තා වී ඇත.
හුදකලා කර ඇති ප්‍රදේශවලින් හමුවන කොවිඩ් රෝගීන්ගේ නිවෙස්වල සිටින නිදන්ගත රෝග සහිත පුද්ගලයින් ද රෝහල්ගත කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොවිඩ් මර්දන කමිටුවට උපදෙස් දී ඇත.
ඊයේ( 28) දින තවත් ආසාදිත මරණ දෙකක් වාර්තාවී ඇති අතර සමස්ත ආසාදිත මරණ ගණන 109ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඇමරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (Centers for Disease Control and Prevention – CDC) විසින් ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගත තත්ත්වය ඉතා ඉහළ මට්ටමේ පවතින රටක් ලෙස නම් කරයි.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් පසු රැඳවියන් 06 දෙනෙකු මිය ගොස් තිබේ.
Defence Secretary Maj.Gen( Retired) Kamal Gunaratne has directed the IGP to conduct a special investigation into the tense situation erupted at the Mahara Prison, the Ministry of Defence said.
ආදාහනය කිරීමට විරෝධය පාමින් මළසිරුරු රැගෙන නොයාම නිසා කොළඹ පොලිස් මෘතශාරීරාගාරයේ කොවිඩ් මළසිරුරු පහක් දින ගණනක් තිස්සේ තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ යන ප‍්‍රදේශවලට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපහවන මණ්ඩලය පවසනවා. ඒ අද රාත‍්‍රී 9.00 සිට හෙට පෙරවරු 09 දක්වායි. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස එම ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.
දංකොටුව හාල්දඬුවන ප‍්‍රදේශයේ පිහිටි මාඵ අපනයනය කරන කර්මාන්ත ශාලාවක සේවකයන් 45 දෙනෙකු කොරෝනා වෛයිරස ආසාදිතයන් ලෙස ඊයේ (29)තහවුරුවී ඇති බව දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහන් කරයි.
The government’s proposal to amend the Employees’ Provident Fund (EPF) Act to extend the retirement age of private sector employees both men and women up to 60 years has brought several crucial issues into the limelight.
අටළුගම ප්‍රදේශයේ වැඩි දෙනා ව්‍යාජ තොරතුරු ලබා දී ඇති බව සහ නිලධාරීන් නොමග යැවීමට කටයුතු කරන බව’ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
කනකේ සිරි පැරකුම්බා මාධ්‍ය මහා විද්‍යාලය අද (30) සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබෙන බව අකුරැස්ස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක නලින් ජයමිනි මහතා පවසා තිබේ.
සංචරණ සිමා සහිත ප්‍රදේශ වල රාජ්‍ය ආයතන විවෘත කර තිබීම නිසා වසංගත අවදානම පැතිරයාමේ ප්‍රවනතාවක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කර තිබේ.
ඉදිරියේදී රටේ සියලු පාසල් විවෘත කිරීමට නොහැකි වුවහොත් අපොස සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
පිටකොටුව ප‍්‍රදේශය හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරීමත් සමග පොදු ප‍්‍රවාහන සේවා අද සිට වැඩි වශයෙන් සිදු කිරීමට නියමිතයි. ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක පැවසුවේ වෙනදාට වඩා වැඩි බස්රථ සංඛ්‍යාවක් ධාවනයට එක්කරන බවයි. පෞද්ගලික අංශය සමග ඒකාබද්ධව මෙම ප‍්‍රවාහන වැඩපිිළිවල කි‍්‍රයාවට නංවන බවද ඔහු පැවසුවා.
විවිධ රටවල රැකියා වලට ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රජයේ විශේෂ අවසරය මත සහ තවත් පිරිසක් ශ්‍රී ලංකාවට කණ්ඩායම් වශයෙන් ගෙන්වන වැඩසටහන යටතේ ත් වශයෙන් ශ්‍රී ලාංකිකයන් 488 දෙනෙකු අද (29) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ජනාධිපති පොදු සමාව යටතේ සුළු වැරදි සම්බන්ධයෙන් අධිකරණ මගින් දඬුවම් කර සිරගතව සිටින පුද්ගලයන්ට නිදහස් කිරීමට තීරණය කර තිබේ. මේ වන විට බන්ධනාගාරය තුළ පැතිර යන කොවිඩ්19 වෛරසය වසංගත තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ජනපති පොදු සමාව ලබාදීමට අදාළ වන ලිපිය ඊයේ (27 ) වන විට බන්ධනාගාර මූලස්ථානයට ලැබී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසා සිටී.
Page 501 of 745