Tuesday, February 10, 2026
Follow Us
අනතුරට පත් සිමෙන්ති නෞකාවේ බඳ කොටසට හානි - ඉන්ධන කාන්දුවීමේ අවදානමක් නෑ

නැගෙනහිර මුහුදේදී අනතුරට පත් සිමෙන්ති ප්‍රවාහන නෞකාවේ බඳ කොටසට හානි සිදුව ඇති බව නාවික හමුදාව පවසනවා. නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් යොදවා නෞකාවට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ත්‍රිකුණාමලය වෙත සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ, ලයිබීරියානු ධජය සහිත එම්.වී. යූරෝසන් නෞකාව කුඩා රාවණා කොටුව ආසන්නයේදී ගොඩබිමට කිලෝමීටර් 10 ඈත දියඹේදී අනතුරට ලක්විය.

අනතුර හේතුවෙන් න‍ෞකාවේ ඉන්ධන කාන්දුවීමේ අවදානමක් නොමැති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

(LNW)