Tuesday, February 10, 2026
Follow Us
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමුන් සඳහා හෙට (25) සිට පාසල් විවෘත කෙරේ

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ , මාර්තු මසදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමුන් වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුව හෙට (25) දින සිට බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කෙරෙන බවයි.

කෙසේ වෙතත් දුරබැහැර ප්‍රදේශවල සිටින සිසුන්ට තම ආසන්නතම පාසලට ගොස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ ය.

(Lanka Leads)