Tuesday, February 10, 2026
Follow Us
ලබන මස මැදභාගය වනවිට රට අවදානමේ

පවතින තත්ත්වය හමුවේ ලබන මස මැදභාගය වනවිට රටතුළ දැඩි අවදානම් තත්ත්වයක් නිර්මාණය වනුඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අඟවයි.

” අපිට පෙන්න තියෙන දේ තමයි දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25න් 25ම රෝගීන් දෛනිකව හමුවෙන තැනට ගමන් කරලා තියෙනවා. අද බස්නාහිරෙන් හමුවන රෝගින් සංඛ්‍යාව 50%කට විතර අඩු වෙලා තියෙනවා. නමුත් අනිත් පළාත් වලින් 15%ක් විතර වාර්තා වුණේ මීට මාසෙකට විතර පෙර දෛනික රෝගින් ප්‍රමාණය. ඒක 50% දක්වා වැඩි වෙලා තියෙනවා. අපි අසාර්ථක වෙලා තියෙනවා යම් මට්ටමකින් රටක් විදියට බස්නාහිර කේන්ද්‍රගතවෙලා තියෙන අවදානම එතන කළමනාකරණය කරලා සමස්ථ රට පුරා ව්‍යාප්තවන එක වලක්වන්න. ඒ නිසා ඊයේ රට පුරා රෝගීන් 800ක් වාර්තා වුණා නම් අපිට පෙන්නේ ඒ රෝගීන් 800 නමුත් මහජන සෞඛ්‍ය පද්ධතියට 800ක් නෙමේ. මොකද මේ 800ය ආශ්‍රිතව, ආශ්‍රිතයින් බිහි වෙනවා. ප්‍රශ්ණ තිබුණා වුනත් මේ මොහොතෙදී අපේ රටේ ප්‍රමුඛතාවය වෙන්න ඕනේ, හැකි අසනනතම මොහොතෙදී හැකි ඉක්මනින් එන්නත් ප්‍රමාණය ලංකාවට ගෙන්වා ගන්න කියන කාරණය.”යනුවෙන් මේ පිළිබඳ අදහස් දක්වමින් එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කරයි

(Aruna)