Wednesday, July 02, 2025
Follow Us
පස්සර ප්‍රධාන පාසලක සිසුන් 10ක් ආසාදිතයි

පස්සර ජාතික පාසලේ සිසුන් 10 දෙනෙක් කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇත. මේ ලෙස ආසදිතව ඇත්තේ 12 සහ 13 ශ්‍රේණිවල සිසුන් 07 දෙනෙකු හා සිසුවියන් තිදෙනෙකු බව පැවසෙනවා.

එළැඹෙන නිදහස් උත්සවය සඳහා සහභාගී වීමට සිටි සිසුන් සඳහා සිදුකරන ලද PCR පරීක්ෂණයේදී සිසුන් දෙදෙනෙකු ආසාදිත බව හඳුනාගෙන ඇත.

පසුව ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් තවත් සිසුන් 80 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ අතරින් ඉතිරි සිසුන් 8 දෙනා හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

(Aruna)