ලබන සතිය වන විට ‘‘ඇස්කා සෙනිකා’’ එන්නත් ලක්ෂ පහක තොගයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට ඉන්දියාව තීරණය කර ඇත.
ඉන්දියාවේ විශාලතම එන්නත් සමාගම වන සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කරන එන්නත් ලක්ෂ පහ මාත්‍රා දෙකක් ලෙස සෞඛ්‍ය සේවකයින්ට පළමු අදියරේදී ලබාදීමට නියමිතය. ඒ සඳහා කොවිඩ් මර්දන රාජකාරියේ පළමු පෙළ රාජාකාරි කරන සෞඛ්‍ය සේවකයින් එක්ලක්ෂ පනස් පන් දහසක් තෝරා ගෙන තිබේ. ඉන්දියාවෙන් ලැබෙන එන්නත් තොගයෙන් ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දෙක හමාරකට එන්නත් කරණය සිදු කිරීමේ හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
එන්නත් ලබාදීම සඳහා අවශ්‍ය සිලින්ජර, කපු පුළුන් ඇතුළු සායනික ද්‍රව්‍යද ආනයනය කර ඇති අතර සෞඛ්‍ය සේවකයින්ට එන්නත් කරණය පිළිබඳ පුහුණුවක්ද ලබාදී තිබේ. ස්ථාන 4000කදී පමණ එන්නත්කරණය සිදු කිරීමට නියමිතය. ඉන්දියාවේ නිෂ්පාදිත ඇන්කා සෙනිකා එන්නත සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය පසුගිය සිකුරාදා (22දා) පෙරවරුවේ අනුමැතිය ලබා දුන් බවද එහි සභාපති මහාචාර්ය අසිතද සිල්වා ප්‍රකාශ කළේය. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඊට අදාළ ලිපි ලේඛන පසුගිය බදාදා (20දා) පස්වරුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කර තිබුණි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත එන්නත් ප්‍රතිශතය පිළිබඳව පෙබරවාරි මස මුල් සතියේදී ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ එන්නත්කරණය සැලැස්ම මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය අධ්‍යයනය කරනු ලබයි. මීට පෙර ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට විස්සකට එන්නත් ලබා දීමට මැදිහත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍ර්‍රකාශයට පත්කර තිබුණි
(Aruna)