A total of 2,420 persons tested positive for COVID-19 yesterday, raising the country’s total COVID-19 detections to 313,769.
ෆයිසර් එන්නත් මාත්‍රා තවත් තොගයක් අද දිවයිනට රැගෙනවිත් තිබෙනවා. කිලෝ ග්‍රෑම් 619 ක බරකින් යුතු ඇසුරුම් 18 ක මෙම එන්නත් තොගය අසුරා තිබූ බවයි කටුනායක ගුවන් තොටුපළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මේ වනවිට යළිත් මෙරට තුළ කොවිඩ් අවදානම ඉහළ ගොස් තිබෙනවා. සති කිහිපයකට පෙර දෛනික ආසාදිතයන් ප්‍රමාණය දහසකට අඩු අගයක් දක්වා පහත බැස තිබූ නමුත් මේ වනවිට දෛනික ආසාදිතයන් ප්‍රමාණය 2000 ඉක්මවා තිබෙනවා.
කොවිඩ් වසංගතය පාලනය කළ බව පෙන්වීම සඳහා රජයේ ඇතැම් පාර්ශ්වයන්වල අවිද්‍යාත්මක හැසිරීම ව්‍යාප්තිය වැඩිවීමට හේතු වී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් පවසයි.
කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බවත් මෙය පාලනය කර නොගතහොත් ඔක්සිජන් අවශ්‍යතාවත් ඉහළ යා හැකි හෙයින් මෙම තත්ත්වය භයානක විය හැකි බවත් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
වත්තල ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
කොවිඩ් ආසාදිතයන් වැඩිවීමට සාපේක්ෂව කුඩා ළමයින්ට කොවිඩ් ආසාදිත වීමේ ප්‍රතිශතයේ වැඩිවීමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
සිය ඉල්ලීම්වලට අද රැස්වන කැබිනට් මණ්ඩලයේදී විසදුමක් නොලැබුනොත් වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ගුරු විදුහල්පති සංගම් පවසනවා. අද රැස්වන කැබිනට් මණ්ඩලයේදී ඒ සදහා විසදුම් නොලැබුණහොත් අනිද්දා කොළඹට රථ පෙළපාලියකින් පැමිණ සිය විරෝධතාවය පළ කරන බවයි ගුරු විදුහල්පති සංගම් සදහන් කළේ.
ප්‍රදේශ රැසක කිරිපිටි හිගයක් පවතිනවා. වෙළදසැල් බොහොමයක කිරිපිටි තොග නොමැති බවයි වෙළදුන් සඳහන් කළේ. මාසයකට අධික පමණ කාලයක සිට කිරිපිටි හිගයක් පවතින බවද ඔවුන් සඳහන් කළා.
බස්නාහිර පළාතේ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාගැනීම සදහා වේලාවක් වෙන්කර ගැනීමට මාර්ගගත හා කෙටි පණිවුඩ ක්‍රමය මගින් සිදුකිරීමට අවස්ථාව ලබාදී තිබේ.
සියලු රාජ්‍ය සේවකයින් අද සිට සේවයට කැදවීමේ චක්‍රලේඛයට අනුව පාසල් අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල, පළාත් දෙපාර්තමේන්තු, කොට්ඨාස සහ කළාප කාර්යාලවල නිලධාරින්ද කටයුතු කළ යුතු බව අධ්‍යාපන ලේකම්වරයා දන්වා තිබෙනවා.
කොරෝනා මරණ තවදුරටත් වැඩි වශයෙන් වර්තාවන්නේ කොරෝනා මර්දන එන්නත ලබානොගත් පිරිස අතරින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
It is of utmost importance to get both the doses of a COVID-19 vaccine in order to protect from the dreaded and highly contagious Indian variant known as Delta, Sri Jayewardenepura University's Immunology and Molecular Medicine Department Director Dr. Chandima Jeewandara stressed.
සියලුම රාජ්‍ය සේවකයින් අද සිට රාජකාරී සඳහා කැඳවා තිබෙනවා. ඒ කොවිඩ් පාලනය කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල කැඳවමින් සහ නිවසේ සිට රාජකාරී කිරීමට අදාලව නිකුත් කර ඇති සියලු චක්‍රලේඛ අවලංගු කරමින්.
වසර 06කට පසු ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සෘජු ගුවන් ගමන් සේවා ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් අද (01) සිට යළි ආරම්භ කර තිබේ.
ශ්‍රී ලාංකාවේ කොවිඩ් 19 වසංගතයේ දරුණුතම ව්‍යාප්තිය ඉදිරි මාස කිහිපය තුළ සිදුවිය හැකි බව හොංකොං විශ්වවිද්‍යාලයේ වසංගත විද්‍යාව පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් පවසයි.
එසේම ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට එන්නත් මාත්‍රා 02ක් ප්‍රමාණවත් නොවන බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.
කොළඹ පැවති සම්මන්ත්‍රණයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ මහාචාර්ය මලිත් පීරිස් මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ දරුණුම අවධිය ඉදිරි මාස කිහිපය තුළ ඇති විය හැකි බවයි.
Page 384 of 744