Wednesday, September 24, 2025
Follow Us
අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක්

වරායේ හිරවුණු කන්ටේනර් 800ක අත්‍යාවශ්‍ය ආහාර


ලංකාවට ආනයනය කර ඇති අත්‍යවශ්‍ය ආහාර තොග වරායෙන් නිදහස් කර ගැනීමේ අපහසුව හේතුවෙන් ඉදිරියේදී සමස්ත රට තුළම අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බව එම ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පවසා සිටියේය.

ආනයනය කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් 800ක් පමණ මේ වන විටත් වරායේ රඳවා තිබෙන බවත්, එම ආහාර ද්‍රව්‍ය තොග කඩිනමින් නිදහස් කර ගැනීමට අවශ්‍ය බවත්, එසේ වුවහොත් ඉදිරි මාස සඳහා ප්‍රමාණවත් තරම් ආහාර ද්‍රව්‍ය සැපයිය හැකි බවත් හෙතෙම කියයි.
මහ බැංකු අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් පත්වීමත් සමග මේ සම්බන්ධව කඩිනමින් ක්‍රියාත්මක වී නිසි විසඳුමක් ලබාදෙනු ඇති බවට තමන්ගේ අපේක්ෂාව බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති.

එසේ නැති වුවහොත් ආනයන සියල්ල නවතා දමන බවත් දැනට රටේ පවතින අත්‍යවශ්‍ය ආහාර ප්‍රමාණවත් වන්නේ ඔක්තෝබර් මාසය අවසන් වන තෙක් පමණක් බවත් ආනයනකරුවෝ වැඩිදුරටත් අවධාරණය කරති.

(Aruna)