Wednesday, September 24, 2025
Follow Us
කොවිඩ් වසංගතයත් සමග කාන්තාවන්ට වන අකටයුතුකම් ඉහළට

කාන්තාවන්ට වන අකටයුතුකම් 1938 කියන්න


කාන්තාවන්ට සිදුවන අකටයුතුකම් පැමිණිලි කිරීම සඳහා ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය හඳුන්වා දුන් 1938 උපකාරක සේවයට දිනකට පැමිණිලි පනහකට (50) අධික සංඛ්‍යාවක් ලැබෙන බව කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා මාලනී උපසේන පැවසුවාය.

2014 වර්ෂයේ මෙම උපකාරක සේවාව ආරම්භ කළ මුල් අවධියේදී එය ක්‍රියාත්මක වූයේ පැය 08ක් පමණක් වුවද කොවිඩ් වසංගත තත්ත්වය සමග පසුගිය වසරේ මාර්තු 23 වැනිදා සිට එම සේවාව පැය 24ම ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

අධ්‍යක්ෂවරිය පවසන්නේ උපකාරක සේවාවේ කාලය දීර්ඝ කළ දිනයේ සිට සෑම පැයකටම වරක් කුමන හෝ පැමිණිල්ලක් මධ්‍යස්ථානයට ලැබෙන බවය. ඒ අනුව මේ වනවිට පැමිණිලි තිස්දහසකට අධික සංඛ්‍යාවක් මෙම සේවාව ඔස්සේ අමාත්‍යාංශ යට ලැබී ඇත.

මෙම උපකාරක මධ්‍යස්ථානයට ලැබෙන පැමිණිලි අනුව ඔවුන්ට නීති ආධාර, සෞඛ්‍ය ආධාර අවශ්‍ය නම් අදාළ අංශයන්ට යොමු කර සේවය සලසන බව ඇය පවසයි. අධ්‍යක්ෂවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ කායික හිංසනය මතුපිටට පෙන්විය හැකි වුවත් මානසික හිංසනය පෙන්විය නොහැකි හෙයින් බොහෝ අවස්ථාවලදී එම කාන්තාව තම මානසික හිංසනයේ ප්‍රතිඵලය පිට කරන්නේ තමන්ගේම දරුවන් තුළින් බවය.
එයද ළමා හිංසනයන්ට මග පෑදීමක් බව පෙන්වා දෙන අතර ඕනෑම මොහොතක තමාගේ අවශ්‍යතාව හැකි ඉක්මනින් අදාළ 1938 අංකයට දැනුම් දී හිංසනයන් වළක්වා ගැනීමට සහාය දක්වන ලෙස ඉල්ලා සිටී.

(Aruna)