Wednesday, September 24, 2025
Follow Us
මාලිංගට ක්‍රිකට් ආයතනයෙන් ලිපියක්

විස්සයි 20 ක්‍රිකට් තරඟවලින් සමු ගැනීමට තීරණය කර ඇත්දැයි නිළ වශයෙන් දැනුම්දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලසිත් මාලිංගට ලිපියක් මඟින් දැනුම්දී ඇතැයි වාර්තා වනවා. ඊට හේතුවී ඇත්තේ සිය සමුගැනීම සම්බන්ධයෙන් ලසිත් මාලිංග නිළ වශයෙන් ක්‍රිකට් ආයතනයට දැනුම්දීමක් කර නොතිබීමයි.

තමන් සියලු කාණ්ඩවල ක්‍රිකට් තරඟවලින් ඉවත් වන බව ලසිත් මාලිංග පසුගියදා ප්‍රසිද්ධියට පත් කළේ සමාජ මාධ්‍ය ඔස්සේයි. ඔහුගේ සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ දෙස් විදෙස් පුද්ගලයින් විශාල පිරිසක් ඔහුට සුබපැතුම් එක් කර තිබුණා.

කෙසේ වෙතත් මාලිංගගේ සමුගැනීම පිළබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු සුබ පැතුමක් හෝ පළ කර නොතිබීම ඇතැම් පාර්ශවයන්ගේ විවේචනයටද ලක්වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත්තේ ලසිත් මාලිංග සිය සමුගැනීම නිළ වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම්දී නොතිබීම හේතුවෙන් බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

(Neth)