Wednesday, September 24, 2025
Follow Us
දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1300 මට්ටමට බසී. දෛනික PCR 8000නුත් පහළට

ඊයේ (21) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1321ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් සියලු දෙනාම අලුත් අවුරුදු පොකුරෙන් හඳුනාගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ අනුව දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්රයෙන් අඩුවෙමින් යන ආකාරයක් පෙන්නුම් කෙරේ.

ඊයේ දිනය තුළ මෙරට PCR පරීක්ෂණ 7976ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 2872ක් සිදුකර ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ.

(LNW)