සිය වැටුප් ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙස රජයට බල කරමින් ගුරු විදුහල්පති සංගම් අද රථ පෙළපාලි සංවිධාන කර තිබෙනවා. මොරටුව, කොට්ටාව, වැලිසර සහ කඩවත සිට එම රථ පෙළපාලි කොළඹ දක්වා පැමිනීමට නියමිත බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ.
මෙරටේ කොවිඩ් වසංගත තත්ත්වයේ ඉදිරි සති දෙක මේ වන විට තීරණය වී අවසන් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
දියවැඩියාව සහ බෝ නොවන රෝග වලින් පෙලෙන සියලු දෙනා කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමට ඉක්මනින් පියවර ගත යුතු බව කොළඹ වෛද්‍ය පිඨයේ මහාචාර්ය දියවැඩියාව සහ අන්තරාසර්ග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද ප්‍රකාශ කර සිටිනවා.
ගතවූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත පුද්ගලයන් 113 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Sri Lanka is heading for its worst medical tsunami in the coming weeks as there is a risk that the Delta variant is spreading beyond control, leading medical experts told Daily Mirror yesterday.
දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්යමණ්ඩලය අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
නිසි ප්‍රසම්පාදන ක්‍රම අනුගමනය නොකිරීම තුළින් රජයට පාඩුකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පවරා තිබුණු නඩුවෙන් ලක්සල ආයතනයේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (03) නියෝග කළේය.
වයස අවුරුදු 30ට අඩු පළවැනි කාණ්ඩයේ දියවැඩියාව ඇති පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් ඉල්ලා සිටින බව කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද පවසයි.
එන්නත් ලබාගත් පුද්ගලයන් 49දෙනකු කොවිඩ් ආසාදනය වී මේවනවිට මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් මේ මස 12 වැනිදා සිට පැවැත්වෙන ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් නායකයන් වශයෙන් දසුන් ශානක, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල් සහ අශාන් ප්‍රියංජන්ව නම්කර තිබෙන බවට වාර්තා වේ.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් අතර අධ්‍යාපන අමාත්‍යංශයේදී අද (03) පැවති සකච්ජාවද අසාර්ථක වී තිබේ.
Page 383 of 744