මෙරටින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,332 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ 11,372 ක් දක්වා ඉහළ ගියා. කෙසේවෙතත් ඉන් පුද්ගලයින් හාරලක්ෂ 52,692 ක් මේවනවිටත් පූර්ණ සුවය ලබා තිබෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 46,150 දෙනෙකු පමණක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
ඉකුත් 23 වනදා සිදුවූ කොරෝනා මරණ 82 ක් ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තහවුරු කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 12,530 ක්.
මේ අතර කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන අද දිනයේත් ප්‍රදේශ රැසකදී ක්‍රියාත්මකයි. පොදු ස්ථානවලට ඇතුළුවීමේදී කොවිඩ් මර්දන එන්නත්කරණ කාඩ්පත අනිවාර්යය කිරීමට මීට පෙර තීරණය කෙරුණා.
එන්නත ලබාගත් පුද්ගලයෙකු සතු කොවිඩ් එන්නත්කරණ කාඩ්පත අස්ථානගත වුවහොත් ඒ වෙනුවට කාඩ්පතක් ලබාගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.
(Neth)